ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල ක්‍රියාකාරකම්වලට මෙන්ම ඊශ්‍රායල බුද්ධි අංශ වන 'මොසාඩ්' සංවිධානයේ සාමාජිකයන්ට ඉඩප්රස්ථා ලබාදීම මෙරට ජාතික ආරක්ෂාවට, අනාගතයට මෙන්ම ජාතීන් අතර පවතින සහජීවනයට බරපතළ අවදානමක් ගෙන දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාව මෑතකදී හඳුන්වා දුන් ගාස්තු රහිත වීසා ක්‍රමවේදය යටතට ඊශ්‍රායලය ද ඇතුළත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි රජයෙන් ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි 'චබාඩ් හවුස්' (Chabad House) මධ්‍යස්ථානය නීතිවිරෝධී එකක් බවට අග්‍රාමාත්‍යවරිය මීට පෙර ප්‍රකාශ කර තිබියදීත්, එය මෙතෙක් වසා දැමීමට කටයුතු නොකළේ මන්දැයි ඔහු වැඩිදුරටත් විමසා සිටියේය.
ඊශ්‍රායල ජාතිකයින්ට නොමිලේ මාර්ගගත වීසා ලබාදීමේ තීරණය දැඩි ලෙස විවේචනය කළ රහුමාන් මහතා චෝදනා කළේ, පලස්තීනයේ ළමුන් 20,000ක් සහ සමස්තයක් ලෙස 75,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සෙබළුන්ට විවේකය ගතකිරීම සඳහා මෙරටට පැමිණීමට මෙමඟින් ඉඩප්රස්ථා සැලසෙන බවයි.
යුරෝපය, කැනඩාව මෙන්ම මැදපෙරදිග රටවල් රැසක් ද ඊශ්‍රායලය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සීමා කරමින් සිටින බවත්, ඊශ්‍රායල රජය සිදුකරන බව කියන යුද අපරාධ සහ ජන සංහාරයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) පවා චෝදනා නඟා ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
කොළඹ ‘සිනමන් රෙඩ්’ හෝටලය ඉදිරිපිට පිහිටි ‘චබාඩ් හවුස්’ මධ්‍යස්ථානය තවදුරටත් විවෘතව පවතින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ලබාදුන් ආරක්ෂාව වෙනුවට මේ වන විට ඊට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවට ද චෝදනා කළේය.
මෙරට බලයට පත්වූ කිසිදු පෙර රජයක් ලබා නොදුන් ආකාරයේ පුළුල් ඉඩකඩක් වත්මන් පාලනය යටතේ ඊශ්‍රායලයට ලබා දී ඇතැයි පැවසූ ඔහු, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ වාර්ගික සංහිඳියාව දැඩි අනතුරකට ලක්කරනු ඇති බවට අනතුරු ඇඟවීය.
පසුගිය 2024 වසරේ අගභාගයේදී මෙරට ආරුගම්බේ සහ අනෙකුත් සංචාරක කලාපවල රැඳී සිටි ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බවට අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමඟ මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් සහ ඔවුන් පවත්වාගෙන යන යාඥා මධ්‍යස්ථාන කෙරෙහි දැඩි මහජන හා දේශපාලන කතිකාවක් නිර්මාණය විය.
ශ්‍රී ලංකාව සාම්ප්‍රදායිකව පලස්තීන රාජ්‍යත්වයට පක්ෂව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ස්ථාවරයක පසුවන අතරම, කෘෂිකාර්මික හා විදේශ රැකියා ක්ෂේත්රයන්හි ඊශ්‍රායලය සමඟ ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යයි.
Concerns Raised Over Israel's Activities in Sri Lanka and National Security
In a stark warning, Member of Parliament Mujibber Rahuman raised alarms over the activities of Israeli organizations in Sri Lanka, particularly those linked to the Mossad intelligence agency. He cautioned that granting access to such entities poses a significant threat to the country’s national security and long-term coexistence between different ethnic groups.
Addressing the parliament, Rahuman questioned the rationale behind including Israel in the recently introduced visa waiver program, which allows entry without fees. He pressed the government for clarity on the decision-making process behind this inclusion.
Highlighting issues related to the Chabad House, located in the Colombo 07 area, Rahuman referred to previous statements by the Prime Minister that deemed the establishment illegal. He expressed concern over the lack of action to close it down, calling into question the government’s commitment to upholding the law.
Critically scrutinizing the decision to issue free online visas to Israeli nationals, he accused the Israeli Defense Forces (IDF) of being responsible for the deaths of approximately 20,000 children and a total of around 75,000 individuals. This, he argued, essentially provides a means for these personnel to come to Sri Lanka amidst ongoing allegations of war crimes.
Rahuman emphasized that many countries, including European nations and Canada, are limiting their diplomatic ties with Israel due to the purported war crimes and atrocities. He cited concerns raised by the United Nations Human Rights Council regarding these issues as further justification for Sri Lanka to reconsider its engagement with Israel.
Further questioning the ongoing operations of the Chabad House, which persists despite prior police security measures being downgraded to regular police protection, Rahuman accused the government of failing to prioritize national safety.
He expressed alarm over the unprecedented level of access that the current administration has granted to Israel, comparing it to previous governments, and warned that this could jeopardize Sri Lanka's national security and racial harmony.
With warnings from several nations, including the United States, about potential terrorist threats targeting Israeli nationals in tourist hotspots like Arugambay, the situation has sparked intense public and political discourse regarding the presence of Israelis and the establishments they manage in the country.
Traditionally, Sri Lanka has supported Palestinian statehood at international fora while maintaining some degree of state-level engagement with Israel, especially in the agricultural and foreign employment sectors.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
