කුණාටුව ලංවේ.. ධීවරයන්ට වහා ඉවත් වන්නැයි දන්වයි..


ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ' පීඩන අවපාතයක් ' දක්වා වර්ධනය වී ඇත. අද පෙ.ව. 5.30 වන විට මෙම පද්ධතිය, ත්‍රිකුණාමලය සිට කි.මී. 600 ක් පමණ දුරින්, ඊසාන දෙසින් ස්ථානගත වී තිබුණි. 

තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දින (නොවැම්බර් 16) උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, රාත්‍රී කාලයේ දී, දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ' සුළි කුණාටුවක්' දක්වාත්, නොවැම්බර් 17 වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ' ප්‍රබල සුළි කුණාටුවක්' දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

එමනිසා, උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශ වල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

 එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.





Developing Weather System Raises Alerts for Sri Lankan East Coast

A significant weather event is unfolding off the eastern coast of Sri Lanka, as a low-pressure area has strengthened into a "depression" by this morning, situated approximately 600 kilometers east of Trincomalee. The system is expected to continue moving northward towards the cyclone-prone regions.

Forecasters predict that by the morning of November 16, this depression could intensify into a deepening weather system, with the potential for a "tropical storm" to develop by the evening. Moreover, by November 17, it is likely to escalate into a "severe tropical storm" over the west-central Bay of Bengal.

As a precaution, maritime communities and fishermen are advised to suspend all fishing and naval activities in the waters between latitudes 05 and 15 and longitudes 80 and 90, which includes areas extending from Kankesanturai to Trincomalee and further down to Hulhota.

Communities engaged in these activities have also been encouraged to evacuate to safety and seek refuge in secure areas until further notice.

The Department of Meteorology has urged fishing and maritime communities to remain vigilant and to closely monitor upcoming forecasts and advisories regarding this developing weather situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post