දුඹුරු සීනි කඩේ වහලා.. පැලවත්ත, සෙවනගල අර්බුදයක..


 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් නික්ම යන විට රුපියල් 303ක්ව පැවති අමෙරිකානු ඩොලරයක අගය වත්මන් පාලනය යටතේ රුපියල් 336 දක්වා රුපියල් 33කින්  ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ජනතාව මත පැටවී ඇති දැවැන්ත ජීවන වියදම පිළිබඳව ආණ්ඩුවට කිසිදු හැඟීමක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ කලේය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 200කින් වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මහත් උදම් අනන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වෙළඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 30කින් ඉහළ යාමත් සමඟ එම වැටුප් වැඩිවීම මුළුමනින්ම සුන්වී ගොස් ඇති බව පෙන්වා දුන්නේය.

"වතු කම්කරුවෙකුට දවසකට රුපියල් 200ක් වැඩි කළා කියලා ආණ්ඩුව හැමතැනම පම්පෝරි ගහනවා. හැබැයි පිටි කිලෝ එක රුපියල් 30කින් වැඩිවෙලා. වත්තේ පවුලකට දවසකට පිටි කිලෝ 5ක් යනවා. එතකොට රුපියල් 150ක් එතනින්ම ඉවරයි. දුන්නු රුපියල් දෙසියෙන් කිසිම පලක් නැහැ. හාල්මැස්සෝ, මිරිස්, සීනි, උම්බලකඩ මේ හැමදේකම මිල අහස උසට ගිහින්. කවදාවත් තමන්ගේ අතින් වියදම් කරලා පොළට ගිහින් බඩු නොගත්තු, ගෙදරටම බඩු මලු ලැබුණු අයට සාමාන්‍ය මිනිහාගේ බඩගින්න සහ බඩුමිල ගැන තේරෙන්නේ නැහැ," යනුවෙන් ඔහු පැවසීය.

දේශීය සීනි නිෂ්පාදනය කඩාකප්පල් වී ඇති ආකාරය පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයාට චෝදනා එල්ල කළ චාමර සම්පත් දසනායක මහතා, ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් ඓතිහාසික පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බව අවධාරණය කළේය.

"කර්මාන්ත ඇමති උදෙත් ඇවිත් පම්පෝරි ගහලා ගියා. හැබැයි අද පැල්වත්තයි සෙවණගලයි කෙළවගෙන ඉන්නේ. දේශීය දුඹුරු සීනි කඩේ වහලා දාලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවා සීනි සඳහා බදු ගහන්න එපා කියලා තියෙද්දී, ආණ්ඩුව සීනි කිලෝවකට රුපියල් 10ක බද්දක් ගැහුවා. මේ රුපියල් 10 බද්දෙන් පැල්වත්තවත් සෙවණගලවත් බේරගන්න බැහැ. ටැක්ස් ගහන්න ඕන ඒවාට නොගහ, අඩු කරන්න ඕන ඒවා අඩු නොකර, උම්බලකඩයි හාල්මැස්සොයි පෙන්නලා රටේ ආර්ථිකය ගොඩදාන්න ආණ්ඩුවට බැහැ.

වෛද්‍ය විද්‍යාවේ එක ලෙඩක් තියෙනවා, ඒ ලෙඩේ හැදුණාම කිසිම ගඳක් සුවඳක් නාසයට දැනෙන්නේ නැහැ. අද මේ ආණ්ඩුවේ පාලකයන්ටත් හැදිලා තියෙන්නේ අන්න ඒ ලෙඩේ තමයි. රටේ ජනතාව විඳින දුකේ, බඩු මිලේ ගඳ සුවඳ ආණ්ඩුවට දැනෙන්නේ නැහැ. ඇත්තම කියනවා නම්, අපි ආණ්ඩුවේ ඉන්න කාලෙත් ඔය ලෙඩේ අපිටත් තිබුණා. අපිටත් ඒ කාලේ ජනතා පීඩාවේ ගඳ සුවඳ දැනුණේ නැහැ. ඒ නිසා මේ ලෙඩෙන් මිදිලා පොළොවේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්නැයි මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා."





Rising Cost of Living in Sri Lanka: Parliamentarian Raises Alarm Over Economic Conditions

As the country grapples with a soaring cost of living, Parliamentarian Chamara Sampath Dasanayake highlighted a troubling statistic: during former President Ranil Wickremesinghe's tenure, the value of the US dollar rose from 303 to 336 rupees, representing a significant 33-rupee increase. According to Dasanayake, this shift reflects a staggering indifference from the government towards the financial burdens faced by the populace.

The parliamentarian made these remarks during a budget debate, stressing the government's lack of responsiveness to economic challenges. He pointed out that while there were plans to increase daily wages for estate workers by 200 rupees, the concurrent rise in the price of flour—up by 30 rupees per kilogram—rendered any wage increase ineffective.

"The government is everywhere promoting its increase of 200 rupees for estate workers. However, a kilogram of flour has gone up by 30 rupees. A family in the estate consumes about 5 kilograms of flour a day. That alone sets them back by 150 rupees, negating any benefit from the wage increase. Prices of essential goods like sugar, spices, and rice have skyrocketed. Those who've never felt the pinch of rising costs cannot truly comprehend the struggle of average citizens," he emphasized.

Dasanayake also accused the Minister of Industries of failing to address the collapse of the local sugar industry, emphasizing that disastrous government policies had severely impacted historic sugar factories in Pelwatte and Sevanagala.

"The Minister came and made grand promises, yet Pelwatte and Sevanagala are now in distress. The government even imposed a 10-rupee tax on sugar, despite the International Monetary Fund advising against taxing this essential commodity. This tax will do nothing to save Pelwatte or Sevanagala. The government should ease taxes where necessary instead of placing burdens on staples like sugar and rice," he stated.

He further likened the government's disconnect with public hardships to a medical condition where one is unable to detect unpleasant odors. "Today's ruling class seems to have that affliction. They are oblivious to the suffering endured by the people and the rising costs. To be frank, even when we were in power, we too were oblivious to the scent of people's pain. Therefore, I urge the government to shed this malaise and truly understand the reality people are facing," he urged.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post