ලාෆ් ගෑස් මිල ඉස්සුවේ අයවැයේ සහන වැස්ස හංගන්න.


 ලාෆ් ගෑස් සමාගම මේ අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමුවේ එමගින් ආණ්ඩුව අයවැය ඔස්සේ ලබාදුන් සුවිශාල ජනතා සහන පිළිබඳ කතිකාව වෙනත් දිශාවකට හැරවීමට බවට ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරයි.

රටේ මේ අවස්ථාවේ ගෑස් අර්බුදයක් නොමැති බවත් ලාෆ් ගෑස් සමාගම සතුව ඇත්තේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක ප්‍රමණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සමාගම පසුගිය පාලන සමයේ BOI පහසුකම් ලබා ගනිමින් රටට බදු නොගෙවා ගෑස් සැපයුවද තම ආණ්ඩුව එය නතර කිරීම නිසා සමාගම බිලියන 10ක පමණ පාඩුවක් ලබා ඇති බවද ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

මෙම මිල ඉහළ නැංවීම නිසා පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් වන බවටත් ඒ පිටුපස ඇත්තේ දේශපාලන අභිලාෂ බවටත් ඔහු චෝදනා කළේ (14) පාර්ලිමේන්තුව අමතමිණි.





Minister Accuses Laugfs Gas of Price Hike to Divert Attention from Budget Support

Minister Sunil Handunnetti has alleged that the recent price increase by Laugfs Gas is a strategic move to shift public focus away from significant budgetary support provided by the government. His remarks highlight concerns about the timing of the increase amidst ongoing discussions about financial welfare measures for the public.

Handunnetti emphasized that the country is not currently experiencing a gas crisis, pointing out that Laugfs Gas holds a stock of approximately 300,000 domestic gas cylinders. This ample supply, according to him, contradicts claims that justifies the recent price hike.

He further noted that during the previous administration, Laugfs Gas had taken advantage of BOI (Board of Investment) concessions while evading taxes on gas supplies. However, due to the new government's intervention, this practice has been halted, resulting in an estimated loss of around 10 billion rupees for the company.

The minister criticized the impact of this price increase on consumers, asserting that it places an additional burden on the public. He insisted that underlying political motives are driving these decisions, as he addressed the parliament to raise these crucial issues.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ඒ කොම්පැනියේ බාගයක් අයිති ධම්මිකටනේ.එතකොට උඹ කියන විදියට ඒ වැඩේ කරල තියෙන්නෙ උඹලගේ එක්කෙනෙක්මනේ.

    ReplyDelete
  2. අම්මට සිරි වෙන ජනතා සහන. හාල්මැස්සොයි උම්බලකඩයි.

    ReplyDelete
Previous Post Next Post