ප‍්‍රහාරයකට සූදානමින් සිටින්නැයි බහරේනය අනතුරු අගවයි...


 ඉරානය විසින් බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවට ප්‍රකාශ කිරීමත් සමඟ, ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසු එරට ප්‍රථම වරට අනතුරු පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

මාස නවයකට ආසන්න කාලයක් තිස්සේ ඇදී යන යුද්ධය නිමා කිරීම සඳහා වන අමෙරිකා-ඉරාන එකඟතාවක් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පවතින පසුබිමක මෙම තත්ත්වය උද්ගතව තිබේ.

අමෙරිකාව සිදු කරන "සතුරු ක්‍රියාකලාපයන්ට" පළිගැනීමක් ලෙස බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය ප්‍රකාශ කළ බව ඉරානයේ 'ෆාර්ස්' පුවත් ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

බහරේනයේ 'අල්-රිෆා' හෙලිකොප්ටර් කඳවුරේ ස්ථාපිත අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධතියක් ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන යානා හයක් යොදවා මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන රාජ්‍ය 'ප්‍රෙස් ටීවී' නාලිකාව වාර්තා කර ඇතත්, මේ පිළිබඳව අමෙරිකානු හෝ බහරේන් බලධාරීන්ගෙන් මෙතෙක් සෘජු තහවුරු කිරීමක් සිදු කර නොමැත.

අමෙරිකානු නාවික හමුදාවේ ප්‍රධාන මුරපොළක් වන පස්වන බලඇණිය ස්ථාපිත කර ඇත්තේද බහරේනයේය. තර්ජනාත්මක වාතාවරණය හමුවේ බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය එරට පුරවැසියන්ගෙන් සහ විදේශිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ කිසිදු කලබලයකින් තොරව සන්සුන්ව ළඟම ඇති ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසයි. 

මීට දින දෙකකට ඉහතදීද බහරේනයේ අමෙරිකානු පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතියකට පහර දුන් බව ඉරානය ප්‍රකාශ කළ නමුත්, කිසිදු හානියක් සිදු නොවූ බවත් ඉරාන ඩ්‍රෝන යානා දෙකක් විනාශ කළ බවත් අමෙරිකානු හමුදාව පැවසීය.

මේ අතර, ටෙහෙරානයෙන් හෝ යේමනයේ ඉරාන හිතවාදී හවුතිවරුන්ගෙන් අලුතින් කිසිදු ප්‍රකෝප කිරීමක් සිදු නොවන්නේ නම්, ඉරානයට පහරදීම අත්හිටුවීමට ඉඩ ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත දිනවල ප්‍රකාශ කර ඇති නමුත්, අමෙරිකානු නාවික අවහිරතාව දිගටම පවත්වාගෙන යන බව රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් අනාවරණය කරයි.





Iran Launches Attack on US Military Base in Bahrain, First Alert Issued Since September

Iran has confirmed an attack on a US military base located in Bahrain, marking the first alert since September regarding increased tensions in the region, as reported by Reuters.

This incident unfolds amidst ongoing uncertainty surrounding a potential agreement aimed at ending nearly nine months of conflict between the United States and Iran.

The Iranian Revolutionary Guard has stated that this attack was executed as a retaliation against what they termed "hostile actions" by the United States. According to the Iranian news agency Fars, the assault targeted a radar system at the Al-Rifa helicopter base using six drones, although officials from the US and Bahrain have yet to provide direct confirmation of the attack.

Bahrain hosts the US Fifth Fleet, a pivotal naval strength in the area. In light of the escalating tensions, the Bahraini Ministry of Interior has urged both residents and foreigners to travel safely to designated secure areas without causing disturbances.

Just two days prior, Iran claimed it had also struck a US pre-warning radar system in Bahrain but reported no casualties, noting that American forces had destroyed two Iranian drones in the engagement.

Meanwhile, US President Donald Trump recently indicated that an opportunity to pause attacks on Iran might be feasible, provided there are no new provocations from Tehran or its allies in Yemen. However, reports suggest that US naval operations in the region will continue as planned.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post