ඇප ලැබුනු කස්සප හිමිගේ මාරාන්තික උපවාසය අතුරුදන්..


රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කර තිබේ.

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය අසල අධිකරණ නියෝග ද නොතකමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක නිරත වීමත් සමඟ එම පරිශ්‍රයේ උණුසුම් හා ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

එම සිදුවීම සහ අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 12 වැනිදා පොලිසිය විසින් කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් 11 දෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔවුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබූ අතර, ඒ අනුව අද යළි නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත.





Eleven Suspects, Including Buddhist Monks, Released on Bail After Anuradhapura Court Ruling

In a significant development following a contentious incident at the Ruwanweli Maha Seya premises, the Anuradhapura Magistrate's Court has ordered the release on bail of eleven individuals, including the Venerable Balangoda Kassapa Thero, who had been in custody.

The group, which included the prominent Buddhist monk Balangoda Kassapa Thero and several others, appeared before the Anuradhapura Magistrate's Court today, leading to the bail decision.

The atmosphere at the Ruwanweli Maha Seya premises turned tense and confrontational after members of the group, including the monk, engaged in a fatal hunger strike, disregarding court orders.

On November 12, police apprehended eleven individuals, including the monk, in connection with the incident and for violating court orders.

Following a comprehensive hearing today, the court took steps to release the suspects on bail, after they had been remanded in custody since the previous proceedings.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post