ගුවන් යානයක් මුහුදට කඩා වැටෙයි..


 අමෙරිකාවේ මිසිසිපි වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමත් සමඟ, එහි ගමන් ගත් දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු සොයා ගලවාගැනීමේ කණ්ඩායම් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Cessna 210 වර්ගයේ මෙම ගුවන් යානය මෙක්සිකෝ බොක්කේ මිසිසිපි ප්‍රාන්තයේ පැස්කගූලා සහ ගල්ෆ් අයිලන්ඩ්ස් ජාතික වෙරළ තීරයට අයත් හෝන් අයිලන්ඩ් අතර මුහුදු ප්‍රදේශයට කඩා වැටී ඇත.

අනතුර සිදුවූ ප්‍රදේශය වෙත ළඟා වූ සහන කණ්ඩායම් විසින් ජලයේ පාවෙමින් තිබූ ජීවිතාරක්ෂක කබා තුනක්, ජීවිතාරක්ෂක පාරුවක් සහ ගුවන් යානයේ මැදිරි කොටස සොයාගනු ලැබුවද, යානයේ ගමන් ගත් වැඩිහිටියන් සිව්දෙනා සහ අවුරුදු 8ත් 10ත් යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව වෙරළාරක්ෂක බළකායේ ප්‍රකාශක ජුවාන් රොස් සඳහන් කළේය.

'ෆ්ලයිට්අවෙයා' වාර්තාවලට අනුව, අනතුරට පත් මෙම සෙස්නා යානය නිව් ඕර්ලියන්ස් සිට ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් මයර්ස්  බලා පියාසර කරමින් තිබී ඇත.

අනතුර පිළිබඳව විමර්ශන සිදුකිරීමට නියමිත අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කළේ තමන් මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත්ව සිටින බවයි.





Search Operation Underway for Six People After Plane Crash in Mississippi Waters

Rescue teams have launched an extensive search operation off the coast of Mississippi following a plane crash that involved a small aircraft carrying six individuals, including two children.

The Cessna 210 aircraft went down in the waters between Horn Island, which is part of the Gulf Islands National Seashore, and Pascagoula in Jackson County, Mississippi.

Emergency responders have reported finding three life jackets, a life raft, and a section of the aircraft’s fuselage in the vicinity of the crash site. However, the four adults and two boys aged 8 and 10 who were on board remain unaccounted for, according to Juan Ross, spokesperson for the Coast Guard.

Reports from 'FlightAware' indicate that the Cessna was en route from New Orleans to Fort Myers in Florida when the accident occurred.

The Federal Aviation Administration and the National Transportation Safety Board have announced that they are aware of the incident and will conduct an investigation into the crash.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post