මෙරට බඩු මිල වැඩිවෙන්නේ ඉන්දියාවේ එල්නිනෝ නිසා..- වසන්ත


වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ යාම කෙරෙහි ඉන්දියාවට බලපා ඇති 'එල්-නිනෝ'කාලගුණික විපර්යාසයේ සෘජු බලපෑම හේතු වී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. 

පිටකොටුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

වෙළෙඳපොළේ වියළි මිරිස් සැපයුම සීමා වීම පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද වියළි මිරිස් තොගවල ප්‍රමිතියට වඩා ඉහළ තෙතමනයක් පැවතීම හේතුවෙන් අදාළ බහාලුම් වරාය තුළ රඳවා ගැනීමට සිදුව ඇති බව පෙන්වා දුන්නේය.

ඉන්දියාවේ පවතින කාලගුණික විපර්යාස හමුවේ ඉදිරි උත්සව සමය ඉලක්ක කර ආනයනය කරනු ලබන ඇතැම් භාණ්ඩවල මිල ගණන් යම් මට්ටමකින් ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතිය ද, පාරිභෝගික ජනතාවට කිසිදු ආකාරයක භාණ්ඩ හිඟයකින් තොරව අඛණ්ඩව සැපයුම් ලබාදීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව ඒ මහතා සහතික විය.

එමෙන්ම, වෙළෙඳපොළේ පවතින මෙම තාවකාලික තත්ත්වය වාසියක් කරගනිමින් කෘත්‍රිම හිඟයක් මවාපා අධික ලාභ ලැබීමේ අරමුණින් භාණ්ඩ මිල ඉහළ දැමීමට කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව වෙළෙඳ අමාත්‍යාංශය දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





India's Weather Anomalies Impacting Consumer Goods Prices, Minister Warns

The recent rise in prices of essential consumer goods has been directly influenced by the climatic anomalies known as El Niño affecting India, according to Minister of Trade, Commerce, Food Security, and Consumer Development, Wasantha Samarasinghe.

Speaking to the media after a special discussion with representatives from the Association of Importers of Essential Goods in Pitakotte, the minister revealed these insights regarding the market dynamics.

Samarasinghe clarified issues surrounding the supply of dried chili in the market, stating that shipments of dried chili imported from India have been held at the relevant ports due to higher moisture levels than standards permit.

As the country approaches the festive season, a tendency for price increases on certain imported goods has been noted amidst the ongoing climatic disruptions in India. However, the minister assured that the government is taking necessary measures to ensure that consumers will not experience any shortages in supply.

Additionally, the minister emphasized that the current temporary situation will not be exploited by traders looking to increase prices for higher profits through artificial shortages. The Ministry of Trade is prepared to take strict legal action against such practices.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ලංකාවේ බඩු මිල පහල යාමට නම්, ලෝකයේ සියලුම රටවල යහපත් කාලගුණයක් තිබිය යුතුය, කිසිම රටක යුද්ධයක් නොතිබිය යුතුය. කිසිම රටක දේශපාලන අස්ථාවරබවක් නොතිබිය යුතුය. ඒ කියන්නෙ කවදාවත් අපේ රටේ බඩුමිල අඩු නොවන බවය.

    ReplyDelete
    Replies
    1. පලයං බූරුවා යන්ඩ..... රනිල් බඩු ගණන් අඩු කළේ රටේ යහපත් තත්ත්වයක් තිබිලද මුළු ලෝකෙටම හරියන වෙලාවෙද.... පකේජෙප්පා

      Delete
  2. ඉන්දියාව නවත්තල තියෙන්නෙ මිරිස් අපනයනය විතරයි. ගු ජෙප්පා

    ReplyDelete
Previous Post Next Post