සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යානයේ පැවැති විරෝධතාවයේදී බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා එලෙස නියෝග කළේය.
මෙම සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අධිකරණය වෙත ඊයේ කරුණු වාර්තා කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින්, අධිකරණ නියෝග පවා නොසලකා හරිමින් විහාරමහාදේවි උද්‍යානයේ ස්වාමීන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් අඛණ්ඩව විරෝධතාවයේ යෙදී සිටිමින් නිත්‍යනුකූලව බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කර තිබෙන බව අධිකරණය වෙත දන්වා සිටියේය.
ඊට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි ද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් දන්වා සිටියේය.
ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට වැඩිදුරටත් නියම කළේය.
ඉෂාර රත්නකාර
Court Orders Arrest of Protesters for Illegal Use of Sound Equipment
During a protest at Viharamahadevi Park, the Additional Magistrate of Colombo, Lahiru Silva, issued a directive for the immediate arrest of individuals allegedly using sound broadcasting equipment without the necessary permits. This order was prompted by calls from the Bodubala Sena organization’s General Secretary, Galagoda Aththe Gnanasara Thero, for his release.
The directive followed a report presented by officers from the Kurunduwatta Police, who brought the matter to the court's attention. According to the complaint made by Chief Inspector Sagara Daya-ratna, the court was informed yesterday about the ongoing protest activities.
Representatives from the Kurunduwatta Police reported that despite the court orders, participants, including monks and civil activists, continued to demonstrate at Viharamahadevi Park while using sound equipment without any permits.
In response, the police have initiated inquiries into the incident. Magistrate Silva instructed the police to apprehend the suspects involved and also stipulated that they must report back to the court on the progress of the investigation.
This situation highlights ongoing tensions surrounding the right to protest and the regulatory frameworks governing public demonstrations in Sri Lanka.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේවා මෙහෙම වෙන එක හොඳයි. මොකද මේ ආණ්ඩුව එවුවෝ ඉස්සරහට අනිවාර්යයෙන්ම විපක්ෂට විසි වුණාට පස්සේ උන්ට විරුද්ධව මේ විදිහටම මේව පාවිච්චි කරන්න පුළුවන්.
ReplyDelete