අපේ පිරිසිදු පාලනය නිසා ලංකාවට ජපන් ආයෝජකයන් පෝලිමේ..


ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන සිදුකිරීමට බාධා පමුණුවන මෙරට පවතින යල්පැනගිය නීති රීති කඩිනමින් සංශෝධනය කිරීමටත්, බැංකු ක්ෂේත්‍රය ඇතුළු ආයෝජන ආශ්‍රිත සියලු රාජ්‍ය ආයතනයන්හි පුළුල් ව්‍යුහාත්මක පරිවර්තනයක් සිදුකිරීමටත් රජය ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ප්‍රකාශ කළේය.

බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සමගාමීව මෙරටට පැමිණි ප්‍රමුඛ පෙළේ ජපන් ව්‍යාපාරික නියෝජිත පිරිසක් සමඟ පැවති විශේෂ හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක රන්වල මහතා පෙන්වා දුන්නේ, වත්මන් රජය විසින් ස්ථාපිත කර ඇති දූෂණයෙන් හා වංචාවෙන් තොර විනිවිදභාවය හේතුවෙන් ජපන් ආයෝජකයින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ඉහළ උනන්දුවක් හා කැමැත්තක් දක්වන බවයි.

පසුගිය පාලන සමයන්හිදී මෙරටට පැමිණි විදේශීය ආයෝජකයින් විවිධ ප්‍රායෝගික දුෂ්කරතාවලට, අතරමැදියන්ගේ වංචාවලට මෙන්ම අක්‍රමිකතාවලට ගොදුරු වූ බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, ආයෝජනය කළ මුදල් පවා අහිමිවී ඒවා යළි ලබාගැනීමට අධිකරණ හමුවේ නඩු කීමට සිදුවීම ජාත්‍යන්තරය හමුවේ රටක් ලෙස මහත් ලැජ්ජාවට කරුණක් බව පැවසීය.

කෙසේ වෙතත්, වත්මන් පාලනය යටතේ කිසිදු ආයෝජකයකුට දේශපාලනඥයන්ගේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ සාක්කු පිරවීමට හෝ කොමිස් මුදල් ලබාදීමට අවශ්‍ය නොවන බවත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා ඕනෑම තරාතිරමක පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන පූර්ණ සුරක්ෂිත ආයෝජන පරිසරයක් රට තුළ තහවුරු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.





Government Moves to Reform Outdated Regulations to Attract Foreign Investment

In a decisive step towards enhancing foreign direct investment in Sri Lanka, the government is actively working to amend outdated laws that hinder investment opportunities. Ashoka Ranwala, a Member of Parliament, emphasized the need for comprehensive structural reforms across all state institutions, including the banking sector, in a recent address.

Ranwala made these remarks during a special meeting with a delegation of prominent Japanese business representatives, who visited the country alongside a local festival in the Balapitiya area. He highlighted how the current administration’s commitment to transparency—free from corruption and fraud—has sparked increased interest and willingness among Japanese investors to consider Sri Lanka for future ventures.

Reflecting on past administrations, he recalled how foreign investors previously faced various practical challenges, including fraud by intermediaries and bureaucratic red tape. He noted that many investors lost their capital and had to resort to legal actions to recover their funds, which he described as a significant embarrassment for the country on the international stage.

However, under the current regime, he assured that no investor would be required to offer bribes or pay commissions to politicians or public officials. He stressed that the country guarantees a secure investment environment, with rigorous enforcement of laws against corruption, ensuring that any violations would be dealt with severely through dedicated investigative commissions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. තොපි පිරිසිදු නිසා තමය් දැන් කෝටිපතියෝවෙලා ඉන්නේ. කලින් එවුන්ට වැඩිය තොපි හොරකම් කරනවා ලොවෙත් නැති වෙන්ඩ. උන් අඩුගානේ වැඩ කෙරුවා. තොපි කරන්නේ කක්කුසිය් කුස්සිය් අරින එක විතරය්.

    ReplyDelete
  2. යකෝ අපි මැරිලා ඉපදුනා කියලද හිතන්නේ , බල්ලො බොරු උපාදි, පොලිසියේ බැලුන් නැහැ, කාබනික පොහොර (අසූචී නැව්)

    ReplyDelete
Previous Post Next Post