සිවුර ගලවා අතින් පයින් ගහගන්න එන්නැයි මිහින්තලා හිමිට කියයි...


 වර්තමානයේ ඇතැම් පිරිස් ආගම දහම කෙලෙසමින් සමාජය උසිගන්වන ක්‍රියාවල නිරත වන බවත්, තමන් වහන්සේට පවා සිවුර ගලවා ගහගන්න එන ලෙස පවසමින් රෝහල්ගත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මරණීය තර්ජන එල්ල වූ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වන ජන්ම දිනය වෙනුවෙන් පැවති ආශිර්වාද පූජාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එහිදී අදහස් දැක්වූ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය හරහා ඇතැම් ගිහි පැවිදි පිරිස් තමන්ගේ ආරක්ෂාව තර කරගන්නා ලෙස දැනුම් දුන් බවත්, විහාරාධිපති ධුරයෙන් පහකර පහරදී රෝහල්ගත කරන බවට විවෘතව තර්ජනය කළ බවත්ය. 

කෙසේ වෙතත්, ඓතිහාසික චෛත්‍යරාජයාණන් වහන්සේලාගේ ජීවමාන ආශිර්වාදය සහ නොපෙනෙන බලවේග ධර්මයේ හැසිරෙන භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන බැවින් එවැනි තර්ජන හමුවේ තමන් කිසිසේත් පසුබට නොවන බවද උන්වහන්සේ අවධාරණය කළහ.





Threats Against Religious Leaders Highlighted at Blessing Ceremony for Former President

Concerns over the rise of extremist groups using religion as a tool for social disruption were voiced by Venerable Dhamarathana Thera, the chief incumbent of the Mihintale Rajamaha Vihara. During a blessing ceremony celebrating the 81st birthday of former President Mahinda Rajapaksa, he revealed alarming threats circulating on social media, where certain factions have resorted to intimidation tactics, even suggesting violent actions against clergy.

Dhamarathana Thera expressed that these groups have openly declared their intentions to undermine the safety of Buddhist monastics, explicitly stating they would resort to assault and hospitalization if necessary. He emphasized the troubling nature of these threats, illustrating a growing trend in which social media is manipulated to incite fear.

Despite these challenges, the Thera reassured the gathering that the spiritual blessings from historical figures and the unseen protective forces from the monastic community would safeguard them. He firmly stated that he and his community would not back down in the face of such intimidation, affirming their commitment to their faith and society.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post