ලංකාව ලොව සතුටින්ම ජීවත්වන ජනතාවක් සිටින රටක් කරනවා...


  ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම සතුටින් ජීවත්වන ජනතාවක් වෙසෙන රටවල් අතරට ඔසවා තැබීම වත්මන් රජයේ ප්‍රමුඛතම අපේක්ෂාව බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කළේය.

උත්සව අවස්ථාවකට එක්වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් පාලනය බලයට පත්වූ දින සිට මෙරට නිවැරදි දිශානතියකට යොමු කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කළ බවත්, එම වැඩපිළිවෙළ ඔස්සේ අද වන විට ක්‍රමානුකූලව එහි සතුටුදායක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකිවෙමින් පවතින බවත්ය.

විශේෂයෙන්ම, ජාත්‍යන්තර සාම දර්ශකයන් සැලකීමේදී මෙරට පෙර පැවති 97 වන ස්ථානයේ සිට 67 වන ස්ථානය දක්වා ඉදිරියට රැගෙන ඒමට රජයට හැකිවූ බව සඳහන් කළ ඒ මහතා, ඒ අනුව මේ වන විට දකුණු ආසියානු කලාපයේ දෙවන සාමකාමීම රාජ්‍යය බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇති බව පැවසීය. 

රජයේ අපේක්ෂාව මෙරට ලෝකයේ සතුටින්ම මිනිසුන් ජීවත්වන රටක් බවට පරිවර්තනය කිරීම බව ද හෙතෙම යළිත් සිහිපත් කළේය.

එමෙන්ම, රටක මානව සම්පත සංවර්ධනය කිරීමේ සහ තිරසර අනාගතයක් ගොඩනැඟීමේ මූලික පදනම අධ්‍යාපනය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, 2027 වර්ෂය ඉලක්ක කරගත් රාජ්‍ය අයවැය ලේඛනය මඟින් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් පෙර නොවූ විරූ ඉහළ අවධානයක් යොමුකර ඇති බව පැවසීය. 

ඒ අනුව රුපියල් බිලියන 740 ක දැවැන්ත මුදලක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.





Government Aims to Position Sri Lanka Among Happiest Nations Globally

The current administration has set an ambitious goal of elevating Sri Lanka to the ranks of the world's happiest populations, as emphasized by Nalinda Hewage, the Deputy Minister of Professional Education. During a recent event, he articulated the government's unwavering commitment to steering the nation in the right direction since taking office.

Hewage highlighted that the administration's ongoing efforts have already begun to yield positive results, illustrating a systematic approach towards achieving this national aspiration. This commitment reflects a broader vision to enhance the well-being of the Sri Lankan people through strategic initiatives.

In terms of international peace indicators, the Deputy Minister noted a significant improvement in Sri Lanka's standing, advancing from 97th to 67th place. He pointed out that this progress positions Sri Lanka as the second most peaceful nation in the South Asian region.

The overarching ambition to transform Sri Lanka into a nation where citizens experience happiness was reiterated by Hewage. He underscored that education serves as a fundamental pillar for developing human resources and building a sustainable future for the country.

With the 2027 fiscal year in sight, the government is directing unprecedented attention towards the education sector. He revealed plans to allocate a substantial budget of 740 billion rupees aimed at advancing educational initiatives, further underlining the administration's commitment to this critical area.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. එතකොට කොහෙන්ද අපි හිනාවෙන්නෙ?

    ReplyDelete
Previous Post Next Post