වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට තමන් වරද පිළිගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර තිබේ.
එහිදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගන්නා බව ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක වීම හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට ඩයනා ගමගේ මහත්මියට නීතිමය සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර තීන්දු කිරීමත් සමඟ ඇයට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය මෙන්ම සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය ද අහිමි විය.
ඇයගේ පුරවැසිභාවය, විදේශ ගමන් බලපත්‍රය සහ වීසා තත්ත්වය සම්බන්ධයෙන් පැවති එම නීතිමය තත්ත්වයන් මුල් කර ගනිමින්, ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඇයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙලෙස නඩු පවරා තිබුණි.
Former Minister Admits to Overstaying Visa in Sri Lanka
Former State Minister Diana Gamage publicly acknowledged her culpability in overstaying her visa in Sri Lanka during a court hearing on November 26 at the Colombo Magistrate’s Court.
This revelation came while the case was being heard in front of Chief Magistrate Asanga S. Bodaragama.
Representing Gamage, attorney Mohan Senavirathne stated in court that his client accepts the charges of remaining in the country without a valid visa.
The Supreme Court had previously ruled that Gamage, a British citizen, was legally unqualified to serve as a Member of Parliament in Sri Lanka. This decision led to the loss of her parliamentary seat as well as her position as the State Minister for Tourism.
In light of her citizenship status, travel documents, and visa history, the Colombo Magistrate's Court has filed charges against her for violating immigration laws, specifically for residing in Sri Lanka without a valid visa.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
