වාහන ලයිෂන් නිකුතුව නවතී.. යලි දෙන්නේ දින පහකින්...


බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 23 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියේ (Electronic System) සිදු කෙරෙන අත්‍යවශ්‍ය තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. 

ඒ අනුව, www.motortraffic.wp.gov.lk නිල වෙබ් අඩවිය ඔස්සේ ක්‍රියාත්මක වන මාර්ගගත (Online) ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව ද ලබන 23 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා අක්‍රියව පවතිනු ඇත.

කෙසේ වෙතත්, මෙම සේවා අත්හිටුවන කාලසීමාව තුළ වලංගු කාලය ඉක්ම යන වාහන ආදායම් බලපත්‍ර හිමියන්ට සහනයක් සැලසීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 

ඒ අනුව, අදාළ දින කිහිපය තුළ බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ වාහන සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් හෝ දඩ මුදලක් අය කිරීමකින් තොරව, ලබන නොවැම්බර් මස 25 වනදා සිට 27 වනදා දක්වා කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට විශේෂ පහසුකම් සලසා ඇත.






Vehicle License Issuance Temporarily Suspended in Western Province

The Western Province Motor Vehicle Transport Department announced today, November 18, that the issuance of vehicle revenue licenses will be temporarily suspended starting at midnight and will remain in effect until midnight on November 23.

This decision is attributed to essential technical upgrades to the department's electronic data system.

As a result, the online revenue license issuance service available through the official website www.motortraffic.wp.gov.lk will also be inactive during this period.

In acknowledgment of the inconvenience this may cause, officials have implemented measures to assist holders of revenue licenses that are nearing expiration during the suspension period.

Therefore, vehicle owners who were planning to obtain licenses during these few days will be granted special provisions to acquire revenue licenses without any delay fees or penalties from November 25 to 27.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post