ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ මූල්‍ය සහන පැකේජය එළඹෙන 2027 වසරේ මාර්තු මාසයෙන් අවසන් වීමත් සමඟ, රටේ සමස්ත ආර්ථිකය තනිකරම දේශීය වශයෙන් උපයා ගන්නා මුදල් ප්රවාහයන් මත පමණක් පදනම්ව පවත්වාගෙන යාමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකාර ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් "ස්ථාවරත්වයෙන් ඉදිරියට - වර්ධනය සඳහා ගොඩනැඟෙමු" යන තේමාව යටතේ සංවිධානය කර තිබූ ‘2027 අයවැය සංසදයේ’ ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්යවරයා මෙම අදහස් පළ කලේය.
වත්මන් ආර්ථික ක්‍රියාවලිය පෙට්‍රල් එන්ජිමකින් සහ විදුලි මෝටරයකින් එකවර ධාවනය වන Hybrid වාහනයකට සමාන කරමින් අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා, මෙරට ආර්ථික රථය මෙතෙක් ඉදිරියට තල්ලු කිරීමට ජවය සැපයූ ‘විදුලි මෝටරය’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව පෙන්වා දුන්නේය.
2022 වසරේදී රට ඇදවැටුණු බරපතළ ආර්ථික ආගාධයෙන් මෙතරම් කෙටි කලකින් ගොඩ ඒමට හැකිවූයේ මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිසි ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මෙන්ම ණයහිමි රටවල් ලබාදුන් සහයෝගය හේතුවෙන් බව ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත්, ක්‍රියාත්මක වැඩසටහනේ කාලසීමාව නිමාවීමත් සමඟ ලබන වසරේ අප්‍රේල් මස සිට එම 'විදුලි මෝටරය' ඉවත් වන බව පෙන්වා දෙන ඒ මහතා, ඉන්පසු වසරේ ඉතිරි මාස නවයක කාලය පුරාම රටට ධාවනය වීමට සිදුවන්නේ අපේම 'පෙට්‍රල් එන්ජිමෙන්' හෙවත් දේශීය ශක්තියෙන් පමණක් බව කියා සිටියේය.
මෙම අභියෝගය ජයගෙන ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමට නම්, වත්මන් වැඩසටහනෙන් පසුව ද රජය තවත් නව IMF වැඩසටහනක් සමගින් ඉදිරියට යනු ඇතැයි තමන් පෞද්ගලිකව අපේක්ෂා කරන බව ආචාර්ය විජේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
IMF Support Critical for Sri Lanka’s Economic Future, Warns Former Central Bank Deputy Governor
As the extensive financial support package from the International Monetary Fund (IMF) is set to conclude in March 2027, Sri Lanka faces the challenge of sustaining its economy solely on domestic revenue streams, cautions Dr. W. A. Wijewardena, former Deputy Governor of the Central Bank of Sri Lanka.
He shared this insight during a keynote address at the '2027 Budget Forum', organized under the theme "Moving Forward with Stability - Building for Growth" by the Institute of Certified Management Accountants (CMA) Sri Lanka.
Drawing a parallel between the current economic framework and a hybrid vehicle powered by both petrol and electricity, Dr. Wijewardena emphasized that the 'electric motor' fueling the nation’s economic engine has been the support from the IMF. This support has been vital in pushing the country forward, especially in the aftermath of a severe economic downturn in 2022.
The turnaround within such a short period is attributed not only to the intervention of the IMF but also to sound policy reforms and the backing of lending nations. However, the impending end of the current program signals the withdrawal of the 'electric motor' from the economic vehicle, he noted. From April of next year, Sri Lanka will have to rely solely on its 'petrol engine’—its own domestic resources—to move forward.
To successfully navigate this impending challenge and maintain a continuous pace of economic growth, Dr. Wijewardena expressed hope that the government would engage in a new IMF program following the conclusion of the current one.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
