නාවලපිටිය නගරයට (08) දින පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ සිට මහකුඹුර ගම්මානයට පිවිසීමට තිබූ කොන්ක්‍රීට් පාලම කඩාවැටී විනාශයට පත් වී තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් මෙම පාලමෙහි සුළු පිපිරීමක් පමණක් තිබූ බවත්, ඒ සඳහා පිළියම් ලබා දෙනලෙස අදාළ බලධාරීන්ට දැන්වත් කිසිදු ආකාරයෙන් ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු නොකළ නිසා පසුගිය දින දෙකෙහි ඇති වූ වර්ෂාව සමග මෙසේ පාලම කඩා වැටුණු බවට ගම්වාසීන් චෝදනා කර සිටියි.
මහකුඹුර ගම්මානයේ පවුල් 600කට ආසන්න පිරිසක් ජීවත් වන බවත්, එම ගම්මානයට පිවිසීමට තිබූ එකම ප්‍රධාන මාර්ගය මෙය වන බවත්, මෙම පාලමින් පාගමනින් පැමින ජයසුන්දර මාර්ගයට පැමිණ ත්‍රීරෝද රථ මගින් නාවලපිටිය නගරයේ දක්වා තමන් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත් බව ගම්වාසීන් ප්‍රකාශ කර සිටියි.
මුල් අවස්ථාවේම මෙම පාලමෙහි පැවති අලුත්වැඩියාවක් සිදුනොකොට මෙසේ සම්පූර්ණයෙන් විනාශ වන තෙක් සිටීම නිසා නැවත මෙය සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් වැයවීම ජාතික අපරාධයක් බවයි ගම්වාසීන් කියා සිටින්නේ.
මැතිවරණ වලදී තම ඡන්දය ලබා ගැනීම සඳහා පොරොන්දු ලබා දෙන කිසිවෙකුත් මේ වනතුරු මෙම පාලම පිළිබඳ අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක් බවත් ජනාධිපතිතුමන් මෙයට මැදිහත් වී තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නගරයට යෑමට ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස මහකුඹුර ගම්වාසින් ඉල්ලා සිටි.
රංජිත් රාජපක්ෂ
Crumbling Infrastructure: Naavalapitiya Bridge Collapses Following Heavy Rain
A concrete bridge leading into Mahakumbura village from Naavalapitiya has collapsed, exacerbated by recent torrential rains that struck the region on the afternoon of the 8th. This disaster highlights growing concerns among local residents regarding the deteriorating state of infrastructure.
Residents allege that the bridge had already sustained minor damage due to a slight explosion caused by the recent Ditwa cyclone. Regrettably, authorities failed to initiate any investigations or repairs prior to the heavy rains that ultimately led to the bridge's destruction over the past two days.
Approximately 600 families reside in Mahakumbura village, for whom this bridge served as the primary access route. Locals have reported that they previously relied on this structure for transportation needs, using three-wheeled vehicles to travel from the village to Naavalapitiya and beyond.
Community members are expressing outrage over the bridge's complete failure, citing that it had not undergone necessary repairs from the outset. They claim that the need for substantial financial expenditure for its rehabilitation should be considered a national disgrace.
Moreover, they lament the lack of attention to the bridge's condition, especially during election seasons when promises are made to secure votes. Residents are now calling on the President to intervene and facilitate alternative transportation solutions to meet their daily needs.
Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

"මැතිවරණ වලදී තම ඡන්දය ලබා ගැනීම සඳහා පොරොන්දු ලබා දෙන කිසිවෙකුත් මේ වනතුරු මෙම පාලම පිළිබඳ අවධානය යොමු නොකිරීම........."
ReplyDeleteඅපේ මිනිස්සුන්ගෙ පාලම හදල දෙන්ඩ මුන්ට බෑ, ඒ වුනාට යාපනේට ජාත්‍යාන්තර ක්‍රිකට් පිට්ටනි හදල දෙන්ඩ පුලුවන්.