නුවරඒළිය තලවකැලේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් (14) දින උදෑසන 11:00ට පමන සිදු වූ අනතුරකින් 27 දෙනෙකු තුවාල ලබා නුවරඒළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ කොළඹ සිට නුවරඒළිය දක්වා සංචාරය සදහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් සහ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යමින් සිටි පිරිසක් බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් පිරිසට තුවාල සිදු වී ඇති බවත්, තුවාලකරුවන්ගෙ තත්වය බරපල නොවන බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
අනතුරින් තුවාල ලැබුවන් 1990 සුව සැරියෙන් සහ අවට ප්‍රදේශයේ වතු කම්කරුවන් ඒක්ව රෝහල්ගත කර ඇත.
අනතුරට හේතුව බස්රථ දෙකේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බවත්, අනතුරින් බස් රථ දෙකටම හානි සිදු වීඇති බව නානුඔය පොලිසිය පැවසීය.
රංජිත් රාජපක්ෂ
Collision of Buses in Nuwara Eliya Injures 27
A serious collision occurred on the Nanu Oya circumferential road at Despot on the morning of November 14, injuring 27 individuals. This incident happened around 11:00 AM, and those injured were promptly admitted to the Nuwara Eliya District General Hospital, according to local police reports.
The accident involved two private buses—one carrying a group traveling from Colombo to Nuwara Eliya, and the other transporting attendees to a wedding celebration in the Agarapathana area, hailing from Walimada, as confirmed by the Nanu Oya police.
All casualties reported injuries; however, the police indicated that the conditions of the injured are not severe.
The injured individuals were primarily workers from nearby tea estates and were treated at the 1990 Suwa Sariya hospital and other local medical facilities.
Authorities attributed the cause of the accident to reckless driving by the bus drivers, noting that both vehicles sustained significant damage.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
