අනෝජන් සිවරාසාගේ පවුලේ ඥාතීන් අද විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ ජනාධිපතිවරයා , විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුලුව මේ සඳහා සම්බන්ධ වූ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරින් හට තම පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා දැක්වූ කැපවීම වෙනුවෙන් ඔවුහු සිය ස්තුතිය පල කලහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිවැරදි මගපෙන්වීම, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හා සෙසු රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් මත අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට හැකිවූ බවයි
අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ. තවද ඒ සඳහා මැදිහත් වූ සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතන හා නිලධාරීන්ටත් මේ සඳහා සෞදි අරාබියට ගිය නීතීඥ කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමිවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
2026 සැප්තැම්බර් 17 වන දින නැගෙනහිර කලාපයේ සෞදි අභියාචනා අධිකරණයක් අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කෙරිණ. ඒ අපහාසාත්මක යැයි සැලකෙන facebook ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනාවන්ට අනුකූලවයි.
රාජ්‍යතාන්ත්‍රික හා සෙසු මැදිහත්වීම් මත පසුගිය ඔක්තෝම්බර් 14 වන දින අනෝජන්ට ලබා දුන් මරණ දඬුවම එරට අධිකරණය විසින් අහෝසි කළේය.එහෙත් ඔහුට ලබා දී තිබූ සෙසු දඬුවම් වලින්ද නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික වශයෙන් දිගින් දිගටම පියවර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු නිදහස් කර ඇත.
තවදුරටත් මෙම අධිකරණ කටයුතු ඉදිරියට ගෙන නොයෑමට සෞදි අරාබියේ අභිචෝදක කාර්යයාලය 2026 නොවැම්බර් මස 09 දින තීරණය කර ඇත.
Anojan Sivirasa Released by Saudi Authorities Amid Diplomatic Efforts
Anojan Sivirasa, facing charges in Saudi Arabia, has been granted freedom following extensive diplomatic negotiations led by Sri Lankan authorities. Minister of Foreign Affairs, Foreign Employment, and Tourism, Wijitha Herath, confirmed that necessary steps will be taken to facilitate his return to Sri Lanka.
Today, family members of Sivirasa visited the Ministry of Foreign Affairs to express their gratitude for the commitment shown by President Ranil Wickremesinghe, the Foreign Ministry, and all involved state institutions and officials in securing their son's release.
According to the minister, it was through the precise guidance of President Anura Kumara Dissanayake, strategic interventions from Minister Herath, and other diplomatic efforts that Sivirasa was able to gain his freedom.
Moreover, he acknowledged the contributions of the Saudi government, the judiciary, and the diplomatic institutions of both Sri Lanka and Saudi Arabia, as well as the legal team sent to Saudi Arabia as key to achieving this outcome.
On September 17, 2026, the Saudi Appellate Court in the Eastern Province had imposed a death sentence on Sivirasa due to allegations connected to what were deemed derogatory statements made on Facebook.
Since then, following diplomatic interventions on October 14, the death sentence was annulled by the local court. However, it was also a result of ongoing diplomatic efforts that Sivirasa has now been cleared of other penalties he faced.
Additionally, the Office of Public Prosecutions in Saudi Arabia has decided not to pursue further legal proceedings against him, with a ruling expected on November 9, 2026.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සිංහල බෞද්ධ කොල්ලෙක්ට ඕක වුණා නම් ඌව නිදහස් කරගන්න ජනාධිපති සහ ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නෑ. එහෙම මැදිහත් වුණත් සත පහකට ගණන්ගන්නෙ නෑ. මූ හින්දු ආගමේ නිසා ඉන්දියාවෙන් හමපු වේරම්භ වාතයේ සැරට සවුදිය සරෙන්ඩර් වුණා.
ReplyDeleteවහාම මානසික වෛද්‍යවරයකු හමු වන්න. ඔබට ඇත්තේ සුළු පටු අසනීපයක් නොවේ
Delete