මන්ත‍්‍රීවරයෙක් ධීවරයෙකුට පිහියෙන් ගහයි...


පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් කලාවැව ප්‍රදේශයේ පදිංචි ධීවරයකුගේ හිසට පිහියකින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය (සජබ) නියෝජනය කරන විපක්ෂ නායකවරයා පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර විශේෂ වාර්තාකරු පර්සි කුරුනේරු මහතා වාර්තා කර ඇති පරිදි, කලාවැව විජිතපුර දුම්රිය ස්ථාන මාර්ගයේ පිහිටි සැකකාර විපක්ෂ නායකවරයාගේ නිවසේ රැඳී සිටියදී පෙරේදා (12) රාත්‍රී 7.00ට පමණ ඉපලෝගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කලාවැව ජලාශයේ ධීවර කාර්මිකයෙකු මෙන්ම විජිතපුර මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ තාවකාලික කම්කරුවෙකු වශයෙන් කටයුතු කරන තිස්හතර හැවිරිදි ඩී. එම්. අමිත් ලක්මාල් නැමැති අයෙකි. ඔහු මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියි.

පොලිස් විමර්ශනවලට අනුව, ඉකුත් 11 වැනිදා රාත්‍රී කාලයේදී දෙපාර්ශ්වය අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබේ. තුවාලකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව රෝහල් පොලිසිය මඟින් කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ ඉපලෝගම පොලිසිය, රෝහලේදී තුවාලකරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 

එහිදී පෞද්ගලික කරුණක් මත ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයා තමන්ගේ හිසට පිහියකින් පහරදුන් බවට තුවාලකරු සාක්ෂි ලබා දී ඇති අතර, ඒ අනුව සැකකරු වහා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.





Local Opposition Leader Arrested After Assault in Kalawwa

A violent incident in Kalawwa has led to the serious injury of a local fisherman, resulting in the arrest of an opposition leader from the Samagi Jana Balawegaya (SJB) party. The incident, which occurred over a personal dispute, has stirred significant attention in the area.

According to reports from Anuradhapura special correspondent Persi Kuruneru, the police apprehended the opposition leader at his residence on the Vijitapura Railway Road at around 7:00 PM on the night of October 12, following a police operation based on tips received earlier.

The victim, identified as 34-year-old D.M. Amith Lakmal, an employee at the local water resource management office, sustained severe injuries from the attack and is currently hospitalized at the Kalawwa Regional Hospital for further treatment.

Police investigations reveal that the altercation erupted between the two parties on the night of October 11. Following the hospitalization of the victim, the hospital's police unit took the initiative to record a statement from him, which provided crucial information about the attack.

During the investigation, it was established that the attack was motivated by personal reasons, with the victim testifying that he was struck on the head with a weapon by the opposition leader. Consequently, the police acted swiftly, leading to the immediate arrest of the suspect.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post