දිවයින පුරා රජයේ වෛද්‍යවරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනයට සහාය පළ කරමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාව සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් එක්ව සංවිධානය කළ විරෝධතා වැඩසටහනක් (05) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි.
දිවයින පුරා වෛද්‍යවරුන් ආරම්භ කර ඇති මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළ ඉල්ලීම් සහ අරමුණු සඳහා සහාය පළ කිරීමත්, වෛද්‍යවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමත් මෙම විරෝධතාවේ ප්‍රධාන අරමුණ වී තිබිණි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය ශාඛාවේ නියෝජිතයන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම විරෝධතා වැඩසටහනට එක්ව සිටියහ.
ආර්.එෆ්.එම්.සුහෙල්
Protests Erupt in Nuwara Eliya in Support of Government Doctors' Strike
A collective demonstration took place at the Nuwara Eliya District General Hospital on November 5, organized by the local branch of the government nurses' association in solidarity with the ongoing strike by government doctors across the island.
The protest aimed to voice support for the various demands and objectives associated with the actions initiated by medical practitioners, while also highlighting the professional issues faced by them. It sought to draw the attention of authorities to these pressing concerns.
Participants included representatives from the Nuwara Eliya branch of the nurses’ association and doctors from the district’s general hospital, all united in their call for change.
R.F.M. Suhail
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
