පාසල් වාර විභාගය පැවැත්වෙන ශාලාවට ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් අවවාද කළ ගුරුවරයෙකුට, එම විද්‍යාලයේම 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි ළමයෙකු විසින් අමානුෂික ලෙස දිගට හරහට කම්මුල් පහර එල්ල කිරීමේ පුවතක් ත්‍රිකුණාමලයෙන් වාර්තා වේ.
පහරකෑමට ලක්වූ ගුරුවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අදාළ සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය පවසයි.
ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක වාර විභාගය පැවැත්වෙමින් තිබූ අතරතුර මෙම සිදුවීම සිදුව ඇත.
විභාග ශාලාවේ රාජකාරියේ නිරතව සිටි ගුරුවරයා වෙත අදාළ ශිෂ්‍යයා තරමක් ප්‍රමාද වී පැමිණ ඇති අතර, ඒ අවස්ථාවේදී ගුරුවරයා විසින් සිසුවාට අවවාද කර තිබේ.
ගුරුවරයාගේ එම ප්‍රකාශයෙන් දැඩි ලෙස කෝපයට පත් සිසුවා, කිසිදු පැකිලීමකින් තොරව විභාග ශාලාව තුළදීම ගුරුවරයා වෙත කඩාපැන ඔහුගේ කම්මුලට වේගවත් පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියෙන් අනතුරුව පහරකෑමට ලක්වූ ගුරුවරයා (09) ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ගොනු කර ඇත
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, පහරදීම සිදුකර පළාගොස් සිටින සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන තීව්ර කර තිබේ.
Teacher Assaulted by Student in Trincomalee Over Exam Delay
In an alarming incident reported from Trincomalee, a teacher faced a brutal attack by an 11th-grade male student after admonishing him for arriving late to the examination hall. The assault, described as inhumane, took place at a well-known school during the ongoing term examinations.
According to the teacher's complaint, the student had arrived late to the examination room, prompting a warning from the teacher. This seemingly benign action sparked an aggressive reaction, as the student reportedly responded with a rapid series of blows to the teacher's head while still inside the examination hall.
In light of the incident, Trincomalee Central Police have announced that a thorough investigation is underway. They have initiated efforts to apprehend the assailant, who had fled the scene following the assault.
The assaulted teacher has since lodged an official complaint at the Trincomalee Central Police Station, detailing the disturbing encounter. As the situation unfolds, police have deployed a specialized team to track down the student and ensure justice is served.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

වාර විභාගය ට වෙලාවට එන්න බැරි වෙන්න ඔහුට ලොකු බාධාවක් තියෙන්න ඇති. ඒ වෙලාවේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ සර් බැන්නාම ඔහුට හොඳටම තරහ යන්න ඇති. දරුවාට අවවාද කරලා සමාව දියයුතුයි.
ReplyDeleteඔයා හරි... සිසුවාගෙන් සමාවත් ගන්ඩ ඕන... අනේ හුකේ
Deleteජෙප්පොංගේ මාර්ගයේ යන ලමයි ......මිනීමරු ගල්කටස් පච රෑල
ReplyDelete