ඉරානය සමඟ පැවති යුදමය වාතාවරණය නිමාවට පත්ව ඇති බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් කරන ලද විශේෂ ප්‍රකාශයත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ අද (10) දැවැන්ත පිබිදීමක් සටහන් විය.
ගෝලීය භූ-දේශපාලනික අවිනිශ්චිතතාව පහව යාමත් සමඟ ආයෝජකයන් දැක්වූ ඉහළ උද්යෝගය හේතුවෙන් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 592.02 කින්, එනම් සියයට 2.75 කින් ඉහළ ගොස් ඒකක 22,123.39 ක් ලෙස සටහන් විය.
එමෙන්ම වඩාත් ප්රමුඛ සහ සක්‍රීය සමාගම් විස්ස නියෝජනය වන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ (S&P SL20) දර්ශකය ද ඒකක 224.97 කින් හෙවත් සියයට 3.66 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 6,368.12 ක් දක්වා ඉහළ ගියේය.
දිනයේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 7.95 ක් ඉක්මවා ගිය අතර, එය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම් අගයන් අතරට එක්විය. දිනය තුළ කොටස් 253,922,597 ක් හුවමාරු වී තිබූ අතර සිදු වූ සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 44,300 කි.
ගනුදෙනු ආරම්භයේ සිටම ප්‍රධාන පෙළේ සමාගම් රැසක කොටස් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගිය අතර, දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ද දැඩි ලෙස කොටස් මිලදී ගැනීම්වල නිරත වූ බව තැරැව්කාර සමාගම් වාර්තා කරයි.
පසුගිය කාලය පුරා ඇමෙරිකාව සහ ඉරානය කේන්ද්‍ර කරගනිමින් මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, නාවික ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ යාමේ බරපතළ අවදානමක් මතුව තිබිණි. එමගින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල උද්ධමනය යළි ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ බිය පළ කළහ.
කෙසේ වෙතත්, යුද ගැටුම් නිමාවට පත්වන බවට ලැබුණු සංඥාව සමඟ ගෝලීය වෙළෙඳපොළ සන්සුන් වූ අතර, එහි සෘජු වාසි සහගත බලපෑම මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ද හිමිව තිබේ.
Colombo Stock Market Surges Following U.S. President's Remarks on Iran Conflict
In a notable twist, the Colombo Stock Exchange witnessed a significant surge today, fueled by a special announcement from the U.S. President declaring an end to military tensions with Iran. This declaration came against a backdrop of diminishing global geopolitical uncertainties, propelling investor confidence in the market.
The All Share Price Index (ASPI) closed at 22,123.39 points, rising by 592.02 points or 2.75%. Meanwhile, the S&P Sri Lanka 20 Index, representing the top 20 active companies, also registered impressive growth, climbing 224.97 points or 3.66% to settle at 6,368.12 points.
Total turnover for the day surpassed LKR 7.95 billion, marking one of the highest daily transaction values in recent history. During the trading session, a staggering 253,922,597 shares changed hands across 44,300 transactions.
As the trading day commenced, share prices of several major companies surged rapidly, with both local and foreign investors actively participating in stock purchases, according to brokerage firms.
Concerns had been mounting regarding the potential for rising oil prices, shipping costs, and insurance premiums following recent military developments centered around the U.S. and Iran, which had raised fears of renewed inflation across Asian nations, including Sri Lanka. However, the assurance of a resolution to the conflict seemed to calm global markets, resulting in positive ripples in the local trading atmosphere.
The implications of a cessation of hostilities appear promising, with the global market responding favorably, further stabilizing the trade dynamics on the Colombo Stock Exchange.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
