රිමාන්ඩ් ඉන්න රාජාංගනේ හිමිට තවත් වරෙන්තුවක්...


 ආගමික සහජීවනයට හානි වන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩු විභාගයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි  රාජාංගනයේ සද්ධාරතන හිමි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (25) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. 

එමෙන්ම සැකකරුගේ ඇපකරුවන්ට ද නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය.

අදාළ නඩු කටයුත්තට සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කැඳවීම සඳහා නඩුව එළඹෙන පෙබරවාරි මස 24 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා දින නියම කළේය.

ආගමික සහජීවනය බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ සිදු කළ බවට එල්ල වූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සැකකාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි. 

කෙසේ වෙතත්, අනුරාධපුර පූජා භූමියේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ හිමියන්  මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටි.





Court Issues Warrant for Absent Buddhist Monk in Social Media Instigation Case

A warrant has been issued by Colombo Fort Magistrate Pasan Amaraseena for the arrest of the Buddhist monk from Rajanganaya, Sadhdhathana, who failed to appear in court regarding allegations of provocative statements on social media that threaten religious coexistence.

This decision followed a report submitted to the court by the Criminal Investigation Department (CID), prompting the magistrate to take action. The court also ordered that no bail be granted for the accused parties involved in the case.

Furthermore, the magistrate scheduled the next court hearing for February 24, when forensic reports related to the case are to be summoned.

Previously, the CID had apprehended the accused monks based on charges of making inflammatory remarks that could disrupt religious harmony, leading to their subsequent release on bail. However, a separate incident involving unrest at a sacred site in Anuradhapura has resulted in the detention of the monks, who remain in custody.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post