කොළඹ නගරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ අරමුණින්, දශක ගණනාවකට පසුව අලුතින් කසළ සම්පීඩන රථ ඇතුළු සේවා වාහන රැසක් මිලදී ගැනීමට කොළඹ මහ නගර සභාවේ අනුමැතිය හිමිව තිබේ.
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මහ සභා රැස්වීමේදී මෙම වැදගත් තීරණය ගෙන ඇත.
එම සභාවාරයේදී විශේෂ උපුටා ගැනීම් 3ක් ඇතුළුව න්‍යාය පත්‍රයේ අන්තර්ගතව තිබූ අයිතම 36ක් සම්මත කර ගැනීමට හැකි වූ බව නගරාධිපතිනිය සඳහන් කළාය.
ඊට සමගාමීව, නගරයේ ජල බැසයාම විධිමත් කරමින් ගංවතුර අවදානම අවම කිරීම වෙනුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන කාණු පද්ධති කිහිපයක රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘති සඳහා ද මහ සභාවේ නිල අනුමැතිය ලබා දී තිබේ.
අලුතින් මිලදී ගැනීමට නියමිත නවීන වාහන කඩිනමින් නගර සභා රථ ඇණියට එක් කරගැනීම හරහා කොළඹ නගරවාසී ජනතාව වෙත ලබා දෙන නාගරික සනීපාරක්ෂක සේවාවන් වඩාත් පුළුල් හා කාර්යක්ෂම අයුරින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද නගරාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Colombo Municipal Council Approves New Waste Management Vehicles
In a significant step towards enhancing waste management in Colombo, the Municipal Council has approved the procurement of a fleet of new compactors and other service vehicles for the first time in decades. This decision was made during a council meeting chaired by the Mayor, Rosy Senanayake.
During the session, the Mayor disclosed that approval was granted for 36 items, including three key proposals outlined in the agenda. Such initiatives are expected to significantly improve the capital's waste disposal operations.
Simultaneously, the council has also secured official consent for projects aimed at mitigating the risk of flooding by clearing silt from several major drainage systems across the city, enhancing the overall infrastructure.
The Mayor further emphasized that by promptly integrating these modern vehicles into the city's fleet, urban sanitation services would be expanded and rendered more efficient for the citizens of Colombo.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
