ප‍්‍රධානියාගේ හොර අඹුවක් නිසා ලොව දැවැන්තම සමාගමේ කොටස් මිල අහසින් පොලවට කඩාවැටේ...


 කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ප්‍රමුඛතම චිප් නිෂ්පාදන දැවැන්තයා වන Nvidia සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang මහතා අනියම් සබඳතා කිහිපයක් මුල් කරගනිමින් සිය ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වීමත් සමඟ, සමාගමේ කොටස් වෙළෙඳපොළ වටිනාකම දැවැන්ත ලෙස පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

චීන ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක සමඟ පැවැත්වූ බව කියන අනියම් ප්‍රේම සම්බන්ධතාවක් ඇතුළු අනියම් සබඳතා කිහිපයක් හෙළිදරව් වීමෙන් අනතුරුව වසර 30කට අධික කාලයක් සමාගම මෙහෙයවූ 63 හැවිරිදි ජෙන්සන් හුවාං මහතා සිය ඉල්ලා අස්වීම බාර දී තිබේ.

හුවාංගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමත් සමඟ ඇමෙරිකානු වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළ ආරම්භයේදීම එන්වීඩියා සමාගමේ කොටස් මිල සියයට 13 ඉක්මවූ අගයකින් පහත වැටුණු අතර, වෙළෙඳපොළ අවසන් වන විට එය සියයට 4.3 ක කඩාවැටීමක් ලෙස සටහන් විය. මෙම තත්ත්වය හේතුවෙන් සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් එක් දිනක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 180කට අධික වටිනාකමක් අතුගා දැමුණු අතර, සතිය තුළ සිදුවූ සමස්ත පාඩුව ඩොලර් බිලියන 490ක් පමණ වන බව ආර්ථික වාර්තා පෙන්වා දෙයි. හුවාංගේ පෞද්ගලික ශුද්ධ වත්කමෙන් ද දින කිහිපයක් තුළ ඩොලර් බිලියන 19 කට අධික මුදලක් අහිමි වී තිබේ.

හුවාංගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ප්‍රධාන විධායක ධුරය සඳහා ස්ථිර අනුප්‍රාප්තිකයකු පත් කරන තෙක්, සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී (CFO) කොලෙට් ක්‍රෙස් මහත්මිය වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් කර ඇත.

පසුගිය ඉරිදා දිනයේදී සේවකයන් වෙත ලිපියක් යොමු කරමින් ජෙන්සන් හුවාං පාපොච්චාරණය කර තිබුණේ, තමන් සිය බිරිඳට වංචා කරමින් සිංගප්පූරුවේ Megaspeed දත්ත මධ්‍යස්ථාන සමාගමේ හිටපු ඉහළ විධායක නිලධාරිනියක වන ඇලිස් හුවාං සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බවයි. අදාළ කාන්තාව චීන බුද්ධි අංශ වෙනුවෙන් ඔත්තු බලන තැනැත්තියක බවට ඇමෙරිකානු බුද්ධි අංශ සැක පහළ කර ඇති පසුබිමක, මෙම සිදුවීම පෞද්ගලික කටයුත්තකින් ඔබ්බට ගොස් අතිශය බරපතළ ජාතික ආරක්ෂක ගැටලුවක් බවට පරිවර්තනය විය.

ඊට අමතරව, එන්වීඩියා සමාගමේම සේවය කළ තවත් යටත් නිලධාරිනියන් දෙදෙනෙකු සමඟ ද ඔහු සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලපෑම හමුවේ ඔහුට සිය ධුරය අත්හැරීමට සිදු විය.

1993 වසරේදී ආරම්භ කරන ලද ‘එන්වීඩියා’ සමාගම පරිගණක ක්‍රීඩා සඳහා භාවිත කරන වීඩියෝ ග්‍රැෆික් කාඩ්පත් නිෂ්පාදනයෙන් ඇරඹී, ලොව කෘත්‍රිම බුද්ධි විප්ලවයේ හදවත බඳු උසස් මයික්‍රෝචිප් නිපදවන ප්‍රමුඛතම දැවැන්තයා බවට පත් විය. 

ජෙන්සන් හුවාංගේ නායකත්වය යටතේ ඇපල් සහ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් අබිබවා යමින් එන්වීඩියා ඩොලර් ට්‍රිලියන 4 ඉක්මවූ ලොව වටිනාම සමාගමක් බවට පත්ව තිබිණි.

කෙසේ වෙතත්, ඇමෙරිකාව සහ චීනය අතර පවතින උග්‍ර තාක්ෂණික හා භූ-දේශපාලනික සීතල යුද්ධය හේතුවෙන්, උසස් AI චිප් තාක්ෂණය චීනයට අපනයනය කිරීම ඇමෙරිකානු රජය විසින් දැඩි ලෙස සීමා කර ඇත. එවැනි තීරණාත්මක පසුබිමක ලොව බලවත්ම තාක්ෂණික සමාගමේ නියමුවා චීන ඔත්තු සේවා ජාලයකට මැදිවීම සහ හදිසියේ ඉවත් වීම, සමස්ත ගෝලීය AI ක්ෂේත්‍රයේ සහ තාක්ෂණික වෙළෙඳපොළේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් මතු කර තිබේ.





Nvidia CEO Jensen Huang Resigns Amidst Infidelity Scandal, Shares Plummet

Jensen Huang, co-founder and CEO of Nvidia, has unexpectedly resigned following revelations of multiple extramarital affairs, including a suspected relationship with a woman tied to Chinese intelligence services. This sudden departure has reportedly led to a significant drop in the company's stock market value.

Huang, who has led the tech giant for over 30 years, is 63 years old. His resignation comes to light after allegations emerged about his involvement in an affair with Alice Huang, a former senior executive at Singapore's Megaspeed Data Centers. The relationship has raised red flags regarding national security, given the woman's purported connections to China's intelligence community.

Upon news of Huang's resignation, Nvidia's stocks plummeted by more than 13% at the open of the American Wall Street market, eventually closing down by 4.3%. This sharp decline has erased over $180 billion in market capitalization in a single day, with reports indicating a total loss nearing $490 billion throughout the week. Huang’s personal net worth has also suffered, with losses exceeding $19 billion just days following the announcement.

While the search for a permanent replacement for the CEO role is underway, Colette Kress, the company's Chief Financial Officer, has stepped in as the acting CEO.

In a letter to employees on Sunday, Huang admitted to deceiving his wife and confirmed the affair with Alice Huang. The situation escalated to a severe national security concern, diverging from personal matters, particularly given the intertwined nature of tech and government in the ongoing US-China relations.

Additional reports surfaced, indicating that Huang had connections with two other subordinate female employees within Nvidia, prompting pressure from the board to resign.

Nvidia, which was established in 1993, grew from manufacturing graphics cards for computer gaming into a leading force in the global artificial intelligence revolution, producing advanced microchips that power cutting-edge AI technologies.

Under Huang’s leadership, Nvidia emerged as one of the world's most valuable companies, surpassing a market capitalization of $4 trillion, outpacing industry giants like Apple and Microsoft.

However, the ongoing tech cold war and geopolitical tensions between the United States and China have led to strict American regulations limiting the export of advanced AI chip technology to China. Huang's abrupt resignation, amidst allegations of involvement with Chinese intelligence networks, raises profound uncertainties about the future of the global AI sector and the technology market at large.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post