තනියම කඩේ යවන්න 'ChatGPT Wallet' එයි.. බැංකු කාඩ් දුන්නම බඩු ගෙනත් දෙයි...


කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන පුද්ගලික සහායක නියෝජිතයන්ට පරිශීලකයන් වෙනුවෙන් සෘජුවම අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම සලසන 'ChatGPT Wallet' නමැති නව ඩිජිටල් ගෙවීම් පද්ධතිය OpenAI සමාගම විසින් නිල වශයෙන් හඳුන්වා දී ඇත.

මෙම නව විශේෂාංගය මඟින් OpenAI හි 'dots' නමැති කෘත්‍රිම බුද්ධි නියෝජිතයන්ට මිනිස් මැදිහත්වීමකින් තොරව අන්තර්ජාල සාප්පු සවාරි කටයුතු සම්පූර්ණ කිරීමේ හැකියාව හිමි වේ. 

මූලික අදියරේදී එක්සත් ජනපදය තුළ වෙසෙන, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ 'ChatGPT Pro' ග්‍රාහකයින් සඳහා පමණක් මෙම සේවාව විවෘත වේ. ඇමෙරිකන් එක්ස්ප්‍රස් (American Express), මාස්ටර්කාඩ් (Mastercard) සහ වීසා (Visa) යන ලොව ප්‍රමුඛතම ගෙවීම් ජාලයන් සමඟ ඇතිකරගත් සහයෝගීතාවක් මත මෙම පද්ධතිය ගොඩනගා ඇති අතර, එමඟින් පාරිභෝගිකයින්ට සිය පවතින ක්‍රෙඩිට් කාඩ්පත්වල වරප්‍රසාද සහ ආරක්ෂණ ප්‍රතිලාභ නොවෙනස්ව භුක්ති විඳීමේ අවස්ථාව හිමිව තිබේ.

මෙම පහසුකම භාවිත කිරීමේදී පරිශීලකයා සිය බැංකු කාඩ්පත් විස්තර එක්වරක් පමණක් පද්ධතියට ඇතුළත් කළ යුතු වේ. අනතුරුව තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩය සොයාගන්නා ලෙස තම AI නියෝජිතයාට (dot) උපදෙස් දිය හැකි අතර, භාණ්ඩය තෝරාගැනීමෙන් පසු ඒ සඳහා අවසන් අනුමැතිය ලබාදීම විශේෂිත ආරක්ෂක පරීක්ෂාවක් හරහා සිදුකිරීමට නියමිතය.

OpenAI සමාගම තහවුරු කරන්නේ මෙම AI නියෝජිතයන්ට කිසිදු අවස්ථාවක පරිශීලකයාගේ සැබෑ කාඩ්පත් තොරතුරු වෙත සෘජුව ප්‍රවේශ වීමට අවසර නොමැති බවයි. ඒ වෙනුවට, අදාළ ගෙවීම් ජාලයන් හරහා එක් එක් ගනුදෙනුවට පමණක් සීමා වූ සංකේතාත්මක ආරක්ෂිත කාඩ්පත් අංකයක්, ආරක්ෂක කේතයක් සහ කල්ඉකුත්වීමේ දිනයක් අඩංගු ‘ගෙවීම් ටෝකනයක්’ AI නියෝජිතයා වෙත සපයනු ලැබේ. ආරක්ෂිත මෙන්ම භාවිතයට පහසු පදනමක් නිර්මාණය කරමින් වෙළෙඳුන් සහ ගෙවීම් ජාලයන් සමඟ ශක්තිමත් සබඳතාවක් ඇතිකර ගැනීම සිය මූලික ඉලක්කය බව OpenAI හි මුදල් ඉපැයීම් හා ගෙවීම් අංශ ප්‍රධානී චායා නායක් CNBC නාලිකාවට පවසා ඇත.

'ChatGPT Wallet' ඔස්සේ සිදුවන මිලදී ගැනීම් හරහා අනාගතයේදී OpenAI සමාගමට නව ආදායම් මාර්ගයක් විවෘත විය හැකි වුව ද, ආරම්භක පියවරක් ලෙස මෙහිදී සිදුවන ගනුදෙනුවලින් කිසිදු ප්‍රතිශතයක් හෝ කොමිස් මුදලක් අය නොකිරීමට සමාගම තීරණය කර ඇත.

කෙසේ වෙතත්, ස්වයංක්‍රීය AI නියෝජිතයන් හරහා සිදුවන වාණිජ්‍යය හමුවේ ඇතැම් ප්‍රමුඛ සමාගම් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. උදාහරණයක් ලෙස, යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගම සිය පද්ධතිය හරහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට මෙවැනි AI නියෝජිතයන්ට ඇති ප්‍රවේශය අවහිර කර ඇති අතර, ලොව දැවැන්තම අන්තර්ජාල වෙළෙඳ සමාගම වන ඇමසන් ද සිය වෙබ් අඩවියෙන් භාණ්ඩ මිලදී ගැනීමට AI නියෝජිතයන්ට ඇති ඉඩකඩ වළක්වා තිබේ.

මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ ආයතන නොදැනුවත්ව සිය වෙබ් අඩවි හරහා OpenAI නියෝජිතයන් අවහිර කිරීම වැළැක්වීම සඳහා වන තාක්ෂණික මාර්ගෝපදේශ ද සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත.





OpenAI Launches 'ChatGPT Wallet' for Seamless AI-Powered Online Transactions

In a groundbreaking development for digital payments, OpenAI has officially unveiled 'ChatGPT Wallet,' a new system allowing AI-powered personal assistants to facilitate online purchases and payments on behalf of users. This innovative feature aims to revolutionize how consumers engage with e-commerce, enabling transactions without human intervention.

The introduction of ‘ChatGPT Wallet’ means that OpenAI’s artificial intelligence agents, known as 'dots,' can now navigate the complexities of online shopping independently. This service is currently available exclusively to 'ChatGPT Pro' users in the United States who are at least 18 years old.

Developed in collaboration with major payment networks including American Express, Mastercard, and Visa, the system allows consumers to enjoy loyalty benefits and security features tied to their existing credit cards. This seamless integration ensures that customers can utilize their current payment methods without any changes.

Users need only to enter their bank card information once into the system. Following that, they can instruct their AI assistant to search for desired products. After selecting an item, the final approval for the purchase will be conducted through a designated security check.

OpenAI has emphasized that at no point will these AI agents have direct access to user’s actual card details. Instead, a secure 'payment token'—which includes a restricted card number, security code, and expiration date—will be generated for each transaction, ensuring enhanced security for users. The aim is not only to create a secure and user-friendly platform but also to build robust relationships with merchants and payment networks, as noted by Chaya Nayak, Head of Payments and Revenue at OpenAI, in a recent CNBC interview.

While transactions through 'ChatGPT Wallet' could open new revenue streams for OpenAI in the future, the company has decided not to impose any fees or commissions on these initial transactions as part of its launch strategy.

However, some prominent companies are adopting strict policies regarding transactions via automated AI agents. For instance, United Airlines has blocked such assistants from accessing their ticketing system, and Amazon, the world's largest online retailer, has similarly restricted AI agents from purchasing items on their platform.

In light of these developments, OpenAI has also announced technical guidelines aimed at preventing merchants from unintentionally blocking access to its agents on their websites, ensuring a smoother shopping experience for consumers.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post