FBI හැකර් ප්‍රහාරයකට ලක්වේ...


 ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) වඩාත්ම සංවේදී ජාතික අපරාධ තොරතුරු දත්ත ගබඩාව (NCIC) වෙත අනවසරයෙන් ඇතුළු වී සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත.

Fox News නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මෙම සිදුවීම වක්‍රව තහවුරු කර තිබේ. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, "අපට මේ පිළිබඳව දැනගන්නට ලැබුණා. මම කියන්නේ මෙය කිසිසේත්ම හොඳ දෙයක් නොවන බවයි. මම මෙයට කොහෙත්ම කැමති නැහැ" යනුවෙනි.

එසේ වුවද, මෙම ප්‍රහාරය හරහා මීට පෙර හෙළි නොවූ වැදගත් කරුණු කිහිපයක් දැනගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි පවසමින් ඔහු ඊට වෙනස් මුහුණුවරක් දීමටද උත්සාහ කර ඇත.

ඇමරිකාව පුරා විසිරී සිටින නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් අපරාධ වරෙන්තු, පසුබිම් පරීක්ෂාවන් සහ සැකකරුවන්ගේ වාර්තා ක්ෂණිකව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන NCIC පද්ධතියේ ආරක්ෂණ විධිවිධාන මෙලෙස බිඳවැටී ඇති බව පුවත් සේවා තහවුරු කර තිබේ.

මෙය මෙම වසර තුළදී FBI ආයතනය මුහුණ දුන් දෙවන ප්‍රධාන සයිබර් ප්‍රහාරය වන අතර, පසුගිය සතියේදී එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට (USDA) එරෙහිවද මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල විය. 

මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදීද හැකර් කණ්ඩායමක් විසින් FBI ආයතනයේ සේවකයන් 38,000 කගේ පෞද්ගලික සහ සංවේදී තොරතුරු සොරකම් කළ බවට ප්‍රකාශ කර තිබූ අතර, මාර්තු මාසයේදීද අභ්‍යන්තර පරිගණක පද්ධතිවල සැකකටයුතු ක්‍රියාකාරකම් කිහිපයක් නිරීක්ෂණය විය.





FBI's Sensitive Data Compromised in Cyber Attack

A significant cyberattack has breached the Federal Bureau of Investigation's National Crime Information Center (NCIC), one of the most sensitive national crime data repositories in the United States.

President Donald Trump confirmed the incident during a discussion with Fox News, stating, "We have learned about this. I have to say, this is certainly not a good thing. I don’t like this at all.” Despite his concern, he suggested that the incident might reveal crucial information that had previously gone undisclosed.

Reports have indicated that the security protocols of the NCIC system — crucial for law enforcement officials across the nation to check criminal warrants, background checks, and suspect records instantaneously — have been compromised.

This attack marks the FBI's second major cybersecurity breach this year, following a similar assault on the United States Department of Agriculture (USDA) just last week.

In a related incident, a hacker group previously announced in September that it had stolen personal and sensitive information of approximately 38,000 FBI employees. Additionally, suspicious activities within internal computer systems were reported in March.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post