ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින 17 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, නැවතත් මූල්‍ය අරමුදලේ වෙනත් වැඩසටහනකට එළඹීමේ සම්භාවිතාවක් පවතින බව මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
‘දෙරණ 360’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවට තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හෝ නව වැඩසටහනක් අවශ්‍ය වන්නේද යන්න සහ රටේ විදේශ සංචිතවල පවතින සැබෑ තත්ත්වය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය මඟින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.
තම සභාපතිත්වයෙන් යුතුව පත් කර ඇති මෙම විශේෂ කමිටුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ඇතුළු ආර්ථික හා මූල්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඉදිරියේදී රැස්වීමට නියමිත මෙම කමිටුව මඟින් දේශීය ආර්ථික අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින අවදානම් සාධක ද ගැඹුරින් විශ්ලේෂණය කිරීමට නියමිතය.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය අනිල් ජයන්ත මහතා,
"වත්මන් වැඩසටහන යටතේ අපි රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සහ ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට අත්පත් කරගත්තා. නමුත් ඉදිරියට පනින්න තියෙන පිම්ම සඳහා බාහිර අංශයේ අවදානම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුයි. විදේශ සංචිත ගොඩනැඟීම සහ ජාත්‍යන්තර වෙළෙඳාම මුළුමනින්ම අපේ පාලනය යටතේ පවතින දේවල් නෙවෙයි. ඉදිරියේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.1 ක් දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. මෙවැනි භූ-දේශපාලනික සහ ගෝලීය අවදානම් හමුවේ අපට තවත් IMF වැඩසටහනක් අවශ්‍යද, නැද්ද සහ අවශ්‍ය නම් ඒ කුමන ආකාරයේ එකක්ද යන්න පිළිබඳව අපගේ කමිටුව අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ලබා දෙනවා. අවසන් තීරණය ගන්නේ කැබිනට් මණ්ඩලයයි," යනුවෙන් පැවසීය.
එමෙන්ම, එවැනි නව වැඩසටහනකට යෑමේ ඉඩකඩක් පවතින්නේදැයි වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේ ඒ සඳහා පැහැදිලි සම්භාවිතාවක් පවතින බවයි.
Sri Lanka Considers New IMF Program After Successful Completion of Loan Facility
Following the successful conclusion of the 17th International Monetary Fund (IMF) Extended Fund Facility, Sri Lanka could be on the brink of entering a new program with the financial institution. This insight was shared by Dr. Anil Jayant Perera, the Deputy Minister of Finance and Economic Development.
While participating in the political talk show 'Derana 360,' Dr. Perera indicated that a comprehensive study would be conducted to assess whether Sri Lanka requires further support from the IMF or a new program altogether, particularly in relation to the current state of the nation's foreign reserves. A special committee has been established by the Cabinet to facilitate this assessment.
This committee, led by Dr. Nandalal Weerasinghe, the Governor of the Central Bank of Sri Lanka, will include experts from the fields of economics and finance, such as K.M. Mahinda Siriwardana, the Secretary of the Treasury.
The forthcoming meetings of this committee aim to deeply evaluate both domestic economic needs and potential international risk factors.
Expounding on the existing economic conditions, Dr. Perera remarked on the achievements under the current program, stating, "We have made significant strides in fiscal consolidation and economic stability. However, we must remain vigilant regarding external risks that could impede our progress. The rebuilding of foreign reserves and international trade is entirely beyond our control. Projections indicate that global economic growth may fall to 3.1% in the near future. Given such geopolitical and global challenges, our committee will study whether we need another IMF program, and if so, what form it should take. The final decision will rest with the Cabinet."
In response to a question raised by the moderator about the possibility of pursuing a new program, the Deputy Minister confirmed that there is indeed a clear potential for such an initiative.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔයිට වඩා හොඳ නැද්ද පුප මහලා ඛඩ යන්න ඛෙහෙත් ඛිවිවා නමි.?
ReplyDeleteරනිල් IMF යනකොට මේ අය පලු යන්න බැනලා වෛරය වපුරලා බලය ගත්තට, රනිල්ගේ පීල්ලේ යනවා මිසක වෙනසක් කරගන්න ඇත්තටම මේ අයට බැරි ඇයි?
ReplyDelete