ලොව මිල අධිකම දුම්වැටි ඇත්තේ ශ්‍රී ලංකාවේ..- WHO


පාරිභෝගිකයාගේ ක්‍රයශක්ති සාම්‍යය පදනම් කරගනිමින් ගණනය කිරීමේදී ලොව වඩාත්ම මිල අධික දුම්වැටි අලෙවි වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නවතම දත්ත උපුටා දක්වමින් ප්‍රකට Oxford Economics ආයතනය විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනාවරණය වේ.

එමෙන්ම, දුම්කොළ පාලනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා රටවල් සඳහා හඳුන්වා දී ඇති සියයට 75 ක ගෝලීය බදු අනුපාතික මිණුම් ලකුණෙහි සැබෑ ඵලදායිතාව පිළිබඳව ද මෙම අධ්‍යයනය මගින් දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් වාර්තාව පෙන්වා දෙන්නේ, ලෝකයේ සෑම රටකටම එක හා සමාන වූ ඒකාකාරී ගෝලීය බදු ඉලක්කයක් නියම කිරීම වෙනුවට එක් එක් රටවල පවතින සුවිශේෂී ආර්ථික තත්ත්වයන් සහ යථාර්ථයන්ට මුල්තැන දෙමින් දුම්කොළ බදු ප්‍රතිපත්ති සම්පාදනය විය යුතු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන 75% ක බදු ප්‍රතිශතය ළඟා කරගත් පමණින් රටක දුම්පානය කරන පුද්ගලයන්ගේ ප්‍රතිශතය පහත නොවැටෙන බව එම අධ්‍යයනය අවධාරණය කරයි.

සිල්ලර මිලෙහි අඩංගු බදු ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවතීම සහ දුම්පානය අවම වීම අතර පැහැදිලි හෝ අර්ථවත් ධනාත්මක සබඳතාවක් නොමැති බව පර්යේෂණ දත්ත මගින් තහවුරු වී ඇති අතර, ඉහළ බදු අනුපාත පවතින රටවල පවා දුම්පානය කිරීමේ අඩුවීමක් වාර්තා නොවන බව එහි සඳහන් වේ. මේ හේතුවෙන් දුම්කොළ පාලනයේ සාර්ථකත්වය මැන බැලීම සඳහා බදු ප්‍රතිශතය පමණක් එකම මිණුම් දණ්ඩක් ලෙස භාවිත කිරීම කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න පිළිබඳව මෙමගින් ප්‍රශ්න කර ඇත.

බදු ප්‍රතිශතය මත පමණක් පදනම්ව දුම්කොළ පාලනය තක්සේරු කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් අවධානය යොමු කර තිබූ බව පෙන්වා දෙන මෙම වාර්තාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේම ප්‍රකාශන කිහිපයක් ද ඒ සඳහා නිදසුන් ලෙස පෙන්වා දෙයි.

දුම්වැටියක සිල්ලර මිලෙහි බදු කොටස කොතෙක් ද යන්න දුම්කොළ පාලනයේ සාර්ථකත්වය මනින ස්වාධීන සාධකයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේම ප්‍රකාශනයක මීට පෙර සඳහන් කර තිබේ. දුම්පානය කරන්නන්ගේ මිලදී ගැනීමේ තීරණවලට සෘජුව බලපාන්නේ බදු ප්‍රතිශතය නොව, වෙළෙඳපොළේ පවතින සැබෑ සිල්ලර මිල බව එහි පැහැදිලි කර ඇත.

තවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ බදුකරණය පිළිබඳ තාක්ෂණික අත්පොතෙහි පවා සඳහන් වන්නේ, සිල්ලර මිලෙහි බදු ප්‍රතිශතය ඉහළ නැංවීම පමණක් දුම්කොළ ඉල්ලුම පහත හෙළීම සහතික කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව දුම්කොළ බදුකරණයේ සාර්ථකත්වය විමසිය යුත්තේ හුදු බදු ඉලක්කයක් සපුරා ගැනීමෙන් ඔබ්බට ගොස්, එමගින් සිල්ලර මිලට සහ පාරිභෝගිකයාගේ චර්යාවට සිදුවන සැබෑ බලපෑම පදනම් කරගනිමිනි.

ශ්‍රී ලංකාවේ පවතින අතිශය ඉහළ දුම්වැටි මිල ගණන් පෙන්වා දෙන්නේ, මෙවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථික තත්ත්වය සහ පාරිභෝගිකයාගේ සැබෑ ක්‍රයශක්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. ආර්ථික පසුබිම බෙහෙවින් වෙනස් රටවල් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75% බදු නිර්දේශය පොදු සම්මතයක් ලෙස යොදාගැනීමේ තාර්කිකත්වය පිළිබඳව ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් වාර්තාව ප්‍රශ්න කරයි. දුම්කොළ පාලනය සඳහා බදු ප්‍රතිපත්තිය වැදගත් මෙවලමක් වුව ද, රටක ප්‍රගතිය මැනිය යුත්තේ සිල්ලර මිලෙන් බදු සඳහා වෙන්වන ප්‍රතිශතය අනුව පමණක් නොවන බවත්, බදුකරණය, සැබෑ සිල්ලර මිල, පාරිභෝගික ක්‍රයශක්තිය සහ දුම්පානය කිරීමේ ප්‍රවණතාව යන සියල්ල අතර තුලනාත්මක සබඳතාව මත බවත් එම අධ්‍යයනය අවසාන වශයෙන් පෙන්වා දෙයි.





Sri Lanka Tops the List for Most Expensive Cigarettes, WHO Study Reveals

According to a recent study by Oxford Economics, Sri Lanka has emerged as the country with the highest-priced cigarettes globally, based on consumer purchasing power. This finding draws on the latest data from the World Health Organization (WHO).

The research raises significant questions about the actual effectiveness of a global excise tax rate of 75% introduced by WHO for countries in controlling tobacco use. This standard, it argues, should consider the unique economic conditions and realities of each nation rather than imposing a uniform global target.

Oxford Economics emphasizes that merely achieving the recommended 75% tax rate does not necessarily correspond to a decrease in the percentage of smokers within a country. Evidence suggests that while taxation is set high in various regions, this does not guarantee a decline in smoking rates.

Data from the study indicates that there is no clear or substantial positive relationship between high tax rates and reduced smoking. Even in countries with elevated levies, smoking prevalence has not shown any notable decline. This finding casts doubt on the practical application of using tax rates as a solitary measurement for the success of tobacco control efforts.

The report also notes that international organizations have previously highlighted the need for a more comprehensive approach when assessing tobacco control based solely on tax rates. It references several publications from WHO that illustrate this point.

The study concludes that the proportion of taxes included in the retail price of cigarettes is not a standalone indicator of tobacco control success. Instead, it argues that actual market prices play a more direct role in influencing consumers' purchasing decisions.

Furthermore, the WHO’s technical manual on tobacco taxation points out that merely increasing the tax proportion in retail prices is insufficient to guarantee a decrease in tobacco demand. True success in tobacco taxation should go beyond just meeting tax targets, focusing instead on the real impact on retail pricing and consumer behavior.

The starkly high prices of cigarettes in Sri Lanka underscore the necessity for policymakers to focus on the domestic economic context and genuine purchasing power of consumers when implementing such policies. This scrutiny of the WHO’s 75% tax recommendation raises questions about its applicability in diverse economic landscapes, illustrating that while taxation is a crucial tool in tobacco control, measuring the effectiveness of such policies should encompass a broader analysis of market prices, consumer purchasing power, and smoking trends.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post