යළිත් වරක් චීනය, “රුසියානු යුධ යන්ත්‍රයට” ශක්තිය සපයන බවට චෝදනා කරමින් සෙනෙට් සභිකයින් රැසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චීනය වෙත 500%ක තීරුබදු පැනවීමට බලය ලබා දීමට සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේය.
ජනාධිපති ට්‍රම්ප් චීනයට අමතර 100%ක තීරුබදු පැනවීමට තර්ජනය කරමින්ම, එම දෙවන විශාලතම ආර්ථිකයට “උදව් කිරීමට” අවශ්‍ය බවට පරස්පර අදහස් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව, ස්කොට් බෙසන්ට් මහතා යළිත් චීනය ඉලක්ක කළේය.
බදාදා මාධ්‍ය හමුවක් අමතමින් භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවේ, රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමට ට්‍රම්ප්ට බලය ලබා දීමට ඇමරිකානු සෙනෙට් සභිකයින් 85 දෙනෙකු සූදානම්ව සිටින බවයි.
“රුසියානු තෙල් මිලදී ගැනීම වෙනුවෙන් චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමේ බලය ජනාධිපති ට්‍රම්ප්ට ලබා දීමට ඇමරිකානු සෙනෙට් සභිකයින් 85 දෙනෙකු සූදානම්,” යනුවෙන් බෙසන්ට් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
රුසියානු තෙල් මිලදී ගැනීම හේතුවෙන් චීනයට සහ ඉන්දියාවට එරෙහිව නැවත නැවතත් චෝදනා එල්ල කර ඇති ඔහු, එම ආසියානු ජාතීන් “රුසියානු යුධ යන්ත්‍රවලට” ශක්තිය සපයන බවට වන සිය ප්‍රකාශය යළි අවධාරණය කළේය.
“රුසියානු යුධ යන්ත්‍රවලට ශක්තිය සපයන්නේ චීනය විසින් රුසියානු තෙල් මිලදී ගැනීමයි. රුසියානු බලශක්තියෙන් 60%ක්, එනම් සියයට හැටක්, චීනය මිලදී ගන්නවා. ඔවුන් ඉරාන බලශක්තියෙන් 90%ක් මිලදී ගන්නවා,” යැයි ඔහු පැවසීය.
රුසියාව සමඟ ඇති සම්බන්ධතා විවේචනය කිරීමට අමතරව, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (rare earths) අපනයනය සීමා කිරීමට චීනයේ ඇති සැලසුම් ද ඔහු දැඩි ලෙස හෙළා දුටුවේය. චීනය “ලෝකයට විශ්වාස කළ නොහැකි හවුල්කරුවෙකු” ලෙස ද ඔහු නම් කළේය.
