ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය අත්හිටුවයි..

ලොව ප්‍රධානතම අන්තර්ජාල වෙළඳපළක් වන ali expressහි භාණ්ඩ වර්ග රැසක බෙදා හැරීමේ සේවාව ශ්‍රී ලංකාවට අත්හිටුවා ඇත.

එම වේදිකාවෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගීන්ට ඔවුන් දැනුම් දෙන්නේ තම භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීම සඳහා තෙවන පාර්ශවීය භාණ්ඩ ප්‍රවාහන සේවාවක් තෝරා ගන්නා ලෙසයි.

එහි පාරිභෝගික අංශයෙන් විමසු විට ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නව බදු මෙතෙක් පැහැදිලිතාවක් නැති නිසා මෙම පියවර ගන්නා ලද බවය.

Previous Post Next Post