මෙරට පාතාල නායකයන් දහයකට යුරෝපයේ දේශපාලන රැකවරණ..


ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දස දෙනෙකුට වැඩි පිරිසක් යුරෝපීය රාජ්‍යයන්ගෙන් දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන්, ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ උත්සාහ දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත.

කංජිපානි ඉමාරාන්, කුඩු අංජු, රොටුඹ අමිල සහ රූබන් වැනි ප්‍රකට අපරාධකරුවන් කිහිප දෙනෙක් මෙලෙස යුරෝපයට පළා ගොස් ඇත.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, රත්මලානේ කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට පත් වුවද, ඔහුට එරට දේශපාලන රැකවරණය ලැබීම නිසා ශ්‍රී ලංකාවට භාරදීම සිදු නොවීය.

පොලිස් තොරතුරු අනුව, එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය සහ ඔස්ට්‍රියාව වැනි යුරෝපීය රටවල් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන්ගේ නව තෝතැන්න බවට පත්ව තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රත්ගම විදුර, කොස්ගොඩ සුජී, ලාල්, අන්නාසි මොරිල්, සහ මොහොමඩ් සිද්ධික් වැනි බොහෝ දෙනෙක්ද මේ වන විට සිටින්නේ යුරෝපයේ ය.

බොහෝ යුරෝපා රාජ්‍යයන් අතර සැකකරුවන් පිටුවහල් කිරීමේ (උදර්පණ) ක්‍රියාවලිය ශක්තිමත් නොවීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත.

Previous Post Next Post