රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය 
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අක්‍රමවත්
ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැරු උත්සාහයට එරෙහි වෘත්තීය
සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි තීරණ දැනුම් දීම. 
 
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අක්‍රමවත්
ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උත්සාහ කිරීම හේතුවෙන්, අදාල අත්තනෝමතික ක්‍රියා
පිළිවෙතට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමයට සිදුවිය.
ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛවල සඳහන්
පරිදි විධිමත් ක්‍රියා පටිපාටියට අනුකූලව සහ අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන්
යුතුව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් ක්‍රියාත්මක කළ යුතුව තිබියදී සහ
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවා එම විධිමත් ක්‍රියා පටිපාටිය
අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු
බලධාරීන්ට උපදෙස් ලබා දී තිබියදීත්, එම නියෝග සහ විධිමත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීමට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් කණ්ඩායම් දැරූ නීති විරෝධී උත්සාහය හේතුවෙන් රෝහල්
පද්ධතිය තුළ දැඩි අර්බුදයක් උද්ගත වීමේ අවදානමක් මතුවිය.
මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය
අසමත් වීම තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් අද දින (31. 10. 2025) උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි
දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
ඒ අතරතුර ඊයේ දින (30. 10. 2025) රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නියෝජිතයින්, ගරු සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා
(දුරකතන මාර්ගය ඔස්සේ සම්බන්ධ වෙමින්) සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අතර
විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම ස්ථාන මාරු ගැටලුව විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය
අමාත්‍යංශයේ පහත එකඟතාවයන් ප්‍රකාශයට පත් කරන ලදී.
·       
අත්තනෝමතික සහ
අක්‍රමවත් ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කරමින් නිකුත් කරන ලද ලිපි
අත්හිටුවීම.
·       
පිළිගත්
විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අදාළ පාර්ශ්වකරුවන්ගේද සහභාගිත්වය සහ එකඟතාවය
සහිතව ස්ථාන මාරු මණ්ඩල හරහා වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම.
·       
ස්ථාන මාරු ක්‍රියාවලියට
අදාළ පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවන් පැවැත්වීම සඳහා කාලරාමුවක් සහිත සැලැස්මක් ප්‍රකාශයට
පත් කිරීම.
අදාළ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සහ ස්ථාන
මාරු ක්‍රියාවලියට අදාළ කාල සටහන ලිඛිතව ප්‍රකාශයට පත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට
යම් කාලයක් ලබාදෙමින්, උදෑසන 8.00 ට ආරම්භ
කිරීමට නියමිතව තිබෙන වැඩ වර්ජනය ආරම්භ කිරීමේ වේලාව, දහවල් 12.00 දක්වා දීර්ඝ කරන ලදී.
එකඟ වූ පරිදි අක්‍රමවත් ස්ථාන මාරු නියෝග
අත්හිටුවමින්, විධිමත් ස්ථාන
මාරු කිරීමේ ක්‍රමවේදයට අනුගත වෙමින් ඊට අදාළ කාල රාමුව සහිත ලිපිය සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලදී.
අද දින දහවල් දොළහට පැවැත්වුනු රජයේ වෛද්‍ය
නිලධාරින්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේදී, මෙම සියලු කරුණු සහ තත්ත්වය සමාලෝචනය
කිරීමෙන් අනතුරුව අද දිනට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අවලංගු කිරීමට රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමය විධායක සභාව විසින් තීරණය කරන ලදී.
එකඟ වූ පරිදි විධිමත් ක්‍රමවේදයට යටත්ව අදාළ
පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ගැටලුව විසඳීම සඳහා රජයේ වෛද්‍ය
නිලධාරින්ගේ සංගමය තම උපරිම දායකත්වය අඛණ්ඩව ලබා දෙනු ඇත.
මෙම ගැටලුව තුළදී නිරීක්ෂණය වුණු තවත් බරපතළ
කරුණක් වූයේ, සෞඛ්‍ය අමාත්‍යාංශය
තුළ සිටින අන්තවාදී දේශපාලන කණ්ඩායමක් නිසා, සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අනවශ්‍ය ව්‍යාකූලතා
සහ අර්බුද ගණනාවක් ඇතිවෙමින් පවතිනන බවයි.
එහිදී සෞඛ්‍ය අමාත්‍යතුමාට, සෞඛ්‍ය අමාත්‍යංශ
ලේකම්තුමාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට පවා ස්වාධීනව සෞඛ්‍ය අමාත්‍යංශය තුළ
කටයුතු කිරීමට සහ අමාත්‍යාංශය මෙහෙයවීමට මෙම පිරිස් දැඩි ලෙස බාධා පමුණුවමින්
කඩාකප්පල්කාරී ලෙස හැසිරෙමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යතුමා, සෞඛ්‍ය
අමාත්‍යංශ ලේකම්තුමා ඇතුලු බලධාරින්ගේ පාලනයෙන් තොරව කටයුතු කිරීමේ ප්‍රවණතාවය සෞඛ්‍ය
අමාත්‍යංශයට පමණක් නොව නිදහස් සෞඛ්‍ය පද්ධතියටද අතිශයින් හානිකර ලෙස ගොඩනැගෙමින්  පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යංශය රැකගැනීම සහ පිරිසිදු කිරීම
සඳහා ජනාධිපතිතුමන් වහාම මැදිහත් විය යුතු බව අප විශ්වාස කරමු.
එසේ නොවන්නේ නම්, ඖෂධ හිඟය, වෛද්‍යවරුන් ඇතුලු මානව සම්පත් හිඟය,
රෝගීන්ට සහ රෝගී සත්කාර
සේවාවන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම ඇතුළු ගැටලු ගණනාවකින් පීඩාවට පත් වී ඇති මෙරට
නිදහස් සෞඛ්‍ය සේවාව, නුදුරේදීම බිඳ
වැටීම වැළැක්විය නොහැකි වනු ඇත.
