ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025 ඔක්තෝබර් 31 වන දින මධ්‍යම රාත්‍රී 12:00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කර ඇති බව නිවේදනය කරයි.
මෙම මිල සංශෝධනය යටතේ ප්‍රධාන වශයෙන් ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් සහ ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 යන ඉන්ධන වර්ග දෙකෙහි මිල අඩු කර තිබේ.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්:
පැවති මිල: රු. 299.00
අඩුවීම: රු. (05.00)
නව මිල: රු. 294.00
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4:
පැවති මිල: රු. 313.00
වැඩිවීම: රු. (05.00)
නව මිල: රු. 318.00
තවත් ඉන්ධන වර්ග තුනක සිල්ලර මිල ගණන්වල වෙනසක් සිදු වී නොමැති අතර, ඒවායේ වත්මන් මිල ගණන් පහත පරිදි වේ.
ලංකා සුදු ඩීසල්: රු. 277.00
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4: රු. 355.00
ලංකා භූමිතෙල්: රු. 180.00
මෙම මිල සංශෝධන, සංස්ථාවේ නිලධාරීන්ට සහ අදාළ පාර්ශ්වයන්ට දැනුම් දීම පිණිස 2025 ඔක්තෝබර් 31 වන දින නිකුත් කර ඇත. නව මිල ගණන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
