එළඹෙන
නත්තල් සැමරුම වෙනුවෙන් විදේසිය සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට
අපේක්ෂිතව සිටින පසුබිමක නුවරඑළියට පැමිණෙන දෙස්  විදෙස් සංචාරකයන් වෙනුවෙන් මෙතෙක් ලංකාවේ
නිර්මාණය වන බවට වාර්තා වූ විශාලතම කේක් නිර්මාණය නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි
හෝටලයෙන් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර එහි අන්තර්ගත විශේෂිත අමුද්‍රව්‍ය
මිශ්‍රණය සකස් කිරීම (29) නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි පරිච්ඡේදයේ උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණ
,
මෙම
කේක් නිර්මාණය බර කිලෝ ග්‍රෑම් 90 කින් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර එම කේක්
නිර්මාණය සඳහා වන විශේෂිත පලතුරු මිශ්‍රණ ආනයනය කරන ලද වයින් වර්ග ස්වභාවික රසයන්
එකතු කරන දේශිය පැණි වර්ග දේශීය අමුද්‍රව්‍ය වන කජු තල කුරුඳු එනසාල් කරාමුනැටි ඇතුළු
මිශ්‍රණයට අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කොට පදම් කිරීමට සැලැස්වීමේ ක්‍රියාවලිය මෙහිදී
සිදු විය
, 
අද
දින සකසන ලද මිශ්‍රණය දින හයෙන් හයට නැවත මිශ්‍ර කර දෙසැම්බර් මස
23 වන දින කොටස් වශයෙන් වෙන් වෙන්ව බේක් කිරීමකින් පසු කිලෝ 90 ක
තනි කේක් නිර්මාණයක් වශයෙන් සකස් කොට දෙසැම්බර් 24 රාත්‍රියේ
පැවැත්වෙන විශේෂිත නත්තල් සාදයේදී දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් කේක් නිර්මාණය
පිළිගැන්වීමට නියමිත බව නත්තල් කේක් නිර්මාණයේ ප්‍රධාන සූපවේදී සුරන්ජ ජයසිංහ මහතා
අප වෙත අදහස් දක්වමින් කියා සිටියේය ,
තවද
මෙහිදී අදහස් දක්වමින් අරලිය සමූහ ව්‍යාපාරයේ නුවරඑළිය හෝටල් ජාලයේ සාමාන්‍ය
අධිකාරී දිනෙෂ් ලොකුයද්දෙහිගේ මහතා කියා සිටියේ සිය හෝටල් ජාලයට සුවිශේෂී
දායකත්වයක් ලෙස සලකන හා වටිනාම වස්තුව හැටියට හඳුන්වන පාරිභෝගික දේශිය හා විදේශීය
සංචාරකයන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂිත වැඩසටහනක් හැටියට එළඹෙන නත්තල්
උත්සවය වෙනුවෙන් මෙම නිර්මාණය ඇතුළු තවත් සුවිශේෂී වූ වැඩ කටයුතු රාශියක් සංවිධානය
කිරීමට කටයුතු කරන බවයි. 
විශේෂිත
කේක් නිර්මාණය සඳහා මිශ්‍රණය සැකසීමේ වැඩ කටයුත්ත සඳහා අරලිය සමූහ ව්‍යාපාරයේ
විධායක නිලධාරීන් හොටල් කළමනාකරුවන් නුවරඑළිය අනෙකුත් සංචාරක හෝටල් නියෝජනය කරමින්
කළමනාකරුවන් හෝටල් කාර්යමණ්ඩල නියෝජිතයින් ව්‍යාපාරිකයන් සූපවේදීන් ඇතුළු දෙස්
විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ .
ආර්.එෆ්.එම්.සුහෙල්
