‘වහා යටත් වනු...’ - ජනපති අනරගෙන් කුඩුකාරයන්ට නියෝගයක්..


වහාම නීතියට යටත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) දින කුඩු ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලද "රටම එකට" නමැති ජාතික විෂ මත් ව්‍යසන නිවාරණ මෙහෙයුම වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

ජනාධිපතිවරයා අවධාරණය කළේ සැඟවී සිටින කිසිවකු නොමැති බවත්, සියලු ජාවාරම්කරුවන් සමාජය තුළ හෙළිදරව් වෙමින් පවතින බවත්ය. රටින් පලා ගිය පුද්ගලයන් සිටින ස්ථාන පිළිබඳව පවා පියවර ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය.

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට අදහස් කරන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මෙන්ම ජාවාරම්කරුවන් ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවන් වහාම නවතා දැමිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම විනාශකාරී උවදුර තනිවම රජයට හෝ පොලිසියට මැඩපැවැත්විය නොහැකි බවත්, එමනිසා සියලු පාර්ශවයන් එක්ව ක්‍රියා කළ යුතු බවත් ඔහු පැහැදිලි කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා පොලිසිය, හමුදාව, රේගුව, ආගමන හා විගමන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සහ බුද්ධි සේවා ඇතුළු ආයතන ඒකාබද්ධ කර ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous Post Next Post