මස්කෙළිය
දුණුතුඩුඔය උප තැපැල් කාර්යාලය වසා දැමීමට පැමිණි නුවරඑලිය ප්‍රාදේශීය තැපැල්
අධිකාරි කාර්යාලයේ නිළධාරින්ට එම තැපැල් කාර්යාලයෙන් සේවා ලබා ගන්නා සේවා ලාභීන්
පිරිසක් (29) දින සිය විරෝධය දක්වා ඇත.
1941
වසරේ ආරම්භ කරන ලද එම උප තැපැල් කාර්යාලය මේ වන විට ආදායම් තත්වය අඩු වීම හේතුවෙන්
පාඩු ලබන බවත්, එම නිසා එම උපතැපැල් කාර්යාලය වසා දැමිමට තැපැල් දෙපාර්තමේන්තුව
තීරණය කල බව පවසමින් එම නිළධාරින් තැපැල් කාර්යාලය වසා දැමීමට (29) දින පැමිණ ඇත.
මීට
වසර 2-3කට ප්‍රථම රු.720,000කට තිබූ ආදායම රු.30,000 දක්වා පහත වැටීම නිසා එම උප
තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් පවතින බව නුවරඑලිය ප්‍රාදේශීය
තැපැල් අධිකාරි කාර්යාලයේ නිළධාරින් සේවා ලාභීන් වෙත පවසා ඇත.
විරෝධතාවට
දැක්වූ සේවා ලාබීන් අතරට එක් වූ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ
සභිකයින් වන ඩි.ඩී. ලංකාපුත්‍ර සහ ලක්ෂ්මන් යන මහතුන් විසින් එම උප තැපැල්
කාර්යාලයෙන් විශාල වේ වතු ගණනාවක ජනතාව සේවාවන් ලබා ගන්නා බවත්, ඒ අනුව ඉදිරියෙදී
එම උප තැපැල් කාර්යාලයේ ආදායම් තත්වය වැඩි කිරිමට සේවා ලාභීන්ගේ පූර්ණ සහයෝගය ලබා
දෙන බවට නුවරඑලිය ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිළධාරින්ට පොරොන්දු වීමෙන්
පසු එම උප තැපැල් කාර්යාලට වසා දැමිම වසරකට ප්‍රමාද කරන බවට එම නිළධාරින් තමන්
හමුවේ පැවසූ බවයි ජාතික ජන බලවේගයේ මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නාගරික මන්ත්‍රි
ඩි.ඩී. ලංකාපුත්‍ර මහතා කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
