ගල්ඔය වැවිලි සමාගම නමින් ක්‍රියාත්මක හිඟුරාණ සීනි සමාගමින් මේ වන තෙක් එක් සීනි ඇටයක්වත් කිසිදු රජයේ ආයතනයක් මිලදී ගෙන නොමැති බව ගල්ඔය වැවිලි සමාගම සුරැකීමේ සංවිධානයේ කලාප නියෝජිත එච්. ඒ. ධර්මසේන මහතා පැවැසීය.
දැනට කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කරනු ලබන දුඹුරු සීනි අලෙවි කරගත නොහැකිව ගොඩගසා ඇති බව ඒ මහතා කියා සිටියේය.
කර්මාන්තශාලාවේ එතනෝල් අලෙවියද පහත වැටී ඇති පසුබිමක සේවකයන් මෙන්ම මෙමඟින් යැපෙන ගොවි ජනතාව දුෂ්කරතා රාශියකට මුහුණ පා ඇති බවද ඒ මහතා සඳහන් කරන ලදී.
දේශීය රතු සීනි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන තවදුරටත් රට තුළ අලෙවි කර ගැනීමට නොහැකි වුවහොත් දේශීය සීනි කර්මාන්තය කඩා වැටීමට ඉඩ ඇති බැවින් ඉදිරියේදී දේශීය සීනි කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් ගොවින සමඟ පාරට බැසීම හිඟුරාණෙන් ආරම්භ කරන බවද ඒ මහතා වැඩිදුරට පැවැසීය.
රජයේ ආයතන සඳහ ද්‍රව්‍ය ප්‍රසම්පාදනය යටතේ සීනි සපයා ගැනීමේදී දේශීය දුඹුරු සීනි පමණක් සපය ගැනීම අනිවාර්ය කළ අතර එමඟින් දේශීය සිහි කර්මාන්තය රැක ගැනීම රජයේ අරමුණ විය.
මේ යටතේ හමුදාව, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජ රෝහල් සඳහා දේශීය දුඹුර සීනි පමණක් ලබාගත යුතු බවට රජය විසින් නිර්දේශ කරන ලදී.
හිඟුරාණ - නන්දන චන්ද්‍රජිත්
