වතු කම්කරු වැටුප වැඩි කරන්න හාම්පුතුන් අවසන් එකගතාවක නෑ.. තව දුරටත් සාකච්චා.. රජය 200ක් අතින් ගෙවයි..


සාලිය කුමාර ගුණසේකර

වතු කම්කරු වැටුප ජනවාරි මාසයේ සිට රුපියල් 1,750 දක්වා ඉහළ දැමීමට අදාළව ක්‍රමවේදයක් සකස් කරගැනීමට තවදුරටත් රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි සමාගම් බලධාරීහු කියා සිටිති.

2026 අය වැය මගින් වතු කම්කරු වැටුප ජනවාරි මස සිට රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙහිදී රජය විසින් රුපියල් 200 ක දීමනාවක් වතු කම්කරුවකුට ලබාදීමට නියමිතය.

වතු සමාගම් විසින් මේ වනවිට වතු කම්කරුවකුට රුපියල් 1,350 ක වැටුපක් ලබා දෙන අතර, ජනවාරි මාසය වන විටදී එය රුපියල් 1,550 ක් දක්වා රුපියල් 200 කින් වැඩිකළ යුතුවේ.

වතු කම්කරු වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ නැංවීම සම්බන්ධව ජනාධිපතිවරයා ඇතුළු රජයේ පාර්ශ්ව වැවිලි සමාගම් නියෝජිතයන් සමග පසුගිය කාලයේදී සාකච්ඡා වට කීපයක් පැවැත්වීය.

කෙසේ නමුත්, වතු සමාගම් ආරංචිමාර්ග පවසන්නේ මේ සම්බන්ධව තවදුරටත් රජය සමග සාකච්ඡා කරන බවය.

Aruna

Previous Post Next Post