හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද එප්පාවල කට්ටියාවල විදුහලේ විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභා මන්ත්‍රීවරිය ඉල්ලා අස්වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් මේ වන විට අදාල නීතිමය කටයුතුද සිදුවෙමින් පවතින බවය.
රට තුළ මත්ද්‍රව්‍ය උදුර මැඩ පැවැත්වීමට මුළු අවධානය යොමුකර ඇති මෙවන් අවස්ථාවක ඇති වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය දැඩි කම්පනයට පත්ව ඇති බවත් නීතිමය කටයුතු සඳහා සහාය දීමක් ලෙස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවද එම පෙරමුණ නිවේදනය කරයි.
මේවටත් ඊට අදාළ අස් වීමේ ලිපි තේරීම් බාර නිලධරී වෙත යොමු කර ඇති බවත් සඳහන්ය.

තමන්ගේ කුඩු අහුවූනාම ඕනෑම ජාවාරම්කාරයෙක් කම්පනයට පත්වෙනවා තමයි
ReplyDelete