38%කින් සිපෙට්කෝ ණය වැඩිවේ.. ලාභය 19%කින් අඩුවේ...


2026 වසර සඳහා නිකුත් කර ඇති අයවැය ආර්ථික හා මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) වෙළෙඳ ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

2024 වර්ෂය අවසන් වන විට රුපියල් බිලියන 9.9ක්ව පැවති සංස්ථාවේ සමස්ත හිඟ වෙළෙඳ ණය, 2025 වර්ෂයේ අගෝස්තු මාසය වන විට රුපියල් බිලියන 13.7ක් දක්වා 38% කින් වර්ධනය වී තිබේ.

2025 අප්‍රේල් මාසයේ සිට අලෙවිකරුවන් සඳහා වූ ණය පහසුකම් පුළුල් කිරීම, අධිකරණ නියෝගයකට අනුව 2024 සහ 2025 වර්ෂ සඳහා මාසික උපයෝගිතා ගාස්තු ගණනය කිරීමට සිදුවීම මෙම ණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපෑ කරුණු වේ.

වෙස්ට් කෝස්ට් බලාගාරයට ලබා දී ඇති අමතර ණය පහසුකම් ද මෙම වෙළෙඳ ණය ඉහළ යාමට දායක වී ඇත.

කෙසේ වෙතත්, මෙම වසරේ මුල් මාස අටේදී සංස්ථාවේ ශුද්ධ ලාභය 19% කින් පහත වැටී ඇත. 

2024 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 27.4ක්ව පැවති ශුද්ධ ලාභය, 2025 වසරේ මුල් මාස අටේදී රුපියල් බිලියන 22.1ක් දක්වා අඩුවී තිබේ.

Previous Post Next Post