මට ආදර සබදතා 50ක් විතර තිබුනා.. වැඩිපුරම සිංහල කෙල්ලෝ..- අර්චුනා...



‘තමනට ආදර සබදතා හතළිහක් පනහක් විතර තිබිලා තියෙනවා’ යයි පාර්ලිමේන්තුවට මන්ත‍්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් සමග ඔහු මෙසේ අදහස් පල කර තිබේ.

එකක් දෙකක් නෙමෙයි හතළිහක් පනහක් විතර තිබිලා තියෙනවා. උසස් පෙළ කාලයේ තමයි මට මුලින්ම පෙම්වතියක් මුණ ගැහුණේ. ඊට පස්සෙත් සම්බන්ධතා පහ හයක්ම තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ සිංහල ගෑනු ළමයෙක්‍ට ආදරය කළා. ඒ සම්බන්ධය කැඩුණා. ඊට පස්සේ යාපනේදීත් සිංහල ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒකත් කාලයක් යද්දි නැති වුණා.

කොච්චර සිංහල ගෑනු ළමයින්ට ආදරය කළාද කියනවනම් අවසානයට මම විවාහ වුණෙත් සිංහල කෙනෙක් එක්කමයි. ඇයත් වෛද්‍යවරියක්. ඇය මට පහළ කණ්ඩායමේ කෙනෙක්. මේ වෙද්දි ආරක්ෂාව ගැන යම් යම් ප්‍රශ්න තියෙන නිසා මම බිරිඳගේ නම කියන්න කැමැති නැහැ. අපිට දැන් අවුරුදු එකොළහක පුතෙක් ඉන්නවා.
Previous Post Next Post