යුද්ධ හමුදා බුද්ධි අංශ වෙත 13 දින ලද තොරතුරකට අනුව, නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් සින්න මුන්නක්කරේ දූපතේ සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 600ක තොඟයක් උඩප්පුව නාවික හමුදා අනුකණ්ඩය මඟින් සොයා ගෙන ඇත.
තොරතුරට අදාලව සිදු කල සෝදිසි කිරීම්වලදී ලක්ෂ 49කට ආසන්න වටිනාකමක් සහිත මෙම බීඩි කොළ තොඟය උර 19ක අසුරා තිබියදී සොයා ගන්නා ලදි.
මෙහි ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම සුරාබදු ඒකකය මඟින් සිදු කරනු ලබයි.
