ඇමති බිමල් රත්නායක පිළිම වන්දනාව ගෝත්‍රික යැයි ද ඔහුගේ බිරිඳ සමන්මලී ගුණසිංහ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි ද නි. ඇමති නලින් හේවගේ බෝ ගස කිසි වැඩකට නැති නොවැඳිය යුතු ගසක් යැයි ද කියන බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසයි.
බෞද්ධ කටයුතු ඇමතිවරයා මහා සංඝ රත්නයට නොවැඳ ආයුබෝවන් කියන අතර නියෝජ්‍ය සංස්කෘතික ඇමතිවරයා මහා සංඝ රත්නයට අතට අත දෙමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.
බුදුන් තුන් වරක් වැඩි, දළදා සමිඳු සහ ජය ශ්‍රී මහා බෝධිය වැඩ වසන නිර්මල ථේරවාදී බුදු දහමින් පෝෂිත රටේ පහළ වූ සියලු නායකයන් බුදු දහම සුරක්ෂිත කරමින් පෝෂණය කළ බව ද සුගීෂ්වර බණ්ඩාර පෙන්වා දෙයි.
එම වගකීම පැහැර හැරියේ කාලිංඝ මාඝ, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින් පමණක් බවත් නිදහසින් වසර 76ක් ගෙවෙන තැන නූතන අනුර දිසානායක නම් කාලිංඝ මාඝ පහළ වී සම්බුදු සසුනට වින කටින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.
මෙම නිරාගමික ආණ්ඩුව පහර දෙන්නේ මේ රටේ මුල් බැස පවතින මහ සංස්කෘතියට සහ නිර්මල බුදු දහමට බවත් ඔවුන්ගේ බුදු දහම බේරා ගැනීමට පක්ෂ පාට භේද අමතක කර සියලු දෙනා එකමුතු විය යුතු බව ද සුගීෂ්වර බණ්ඩාර අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ පැවති විපක්ෂ ජනරැලියට එකතු වෙමිනි.

සම්පූර්ණ ඇත්ත.මේ රටේ මිනිස්සු මුන්ට බලය දුන්නෙ බුදුදහමට වින කරන්න නෙවෙයි .උඹලාට එකට ජනවරමක් නෑ.වහාම බුද්ධශාසන අමාත්‍යාංශය යළි පිහිටුවා බුද්ධශාසන ඇමැති කමට නියම බෞද්ධ කෙනෙක් පත් කරණු
ReplyDeleteOwa da minissu ahanne naa macha.Wena topic ekak ganin.Meka AI globalized era ekak😃
ReplyDeleteAgreed, මුංට පිස්සු හැදීගෙන එනව. මානසික රෝහල මේ අස්සෙ විශාල කරන්න වෙයි වගේ. මේ හරක් ට කාලයට ගැලපෙන මාතෘකාවක් වත් හොයා ගන්න බැරි වෙලා. පව් අසරනයො
Deleteබෞද්දයොන්ව සහ මේ රටේ සින්හල බෞද්ද සන්නාමය නෑතිකරන්න ඩොලර් ඩිනාර් ජෙප්පොන්ගේ පෑලවත්ත ගිනුමට එනකොට ....සහ අන්තවාදී කොතෝලික ක්‍රියාකාරිකයෙකු වන බුද්ද සාසන ඈමති මේවා කරනකොට නිශ්ශබ්දව ඉන්න සින්හල බෞද්ද උන්ට කවදද ඈස් ඈරෙන්නේ .
ReplyDeleteබෞද්ධ දර්ශනයට අනුව සියල්ල අනිත්‍යයි අනුර ජනපතිතුමනි ඔබ බෝහෝ වැරදි පාපයන්ට ගොදුරු වෙලා දැනුවත්ව හෝ නොදැනුවත්ව.ඵ්වාට නම් අපට පිහිටක් දැක්විය නොහැක.බොහොම කනගාටුයි.
ReplyDelete