විපක්ෂයේ පක්ෂ කීපයක් විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැති ජන හමුව වෙනුවෙන් සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර කිහිපයක් ඉවත් කරන ලද්දේ උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රයේ රුවන් මාපලගම මහතා සඳහන් කරයි.
එසේ නොමැතිව රජය රැුලියට එරෙහිව කරන ලද කටයුත්තක් නොවන බවත් දරුවන්ට විභාගය වීම සඳහා කරන ලද්දක් පමණක් බවක් ඔහු පැවසීය.
රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කළේය.
නමුත් ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී පැවති මත්ද්‍රව්‍ය නිවාරණ ජන හමුව පැවැත්වුණේද උසස් පෙළ විභාගය පැවැත්වෙද්දීම නේද විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එම ජන හමුව පැවැත්වූයේ උසස් පෙළ විභාගය ලියන කිසිදු දරුවකුට බාධාවක් නොවන අයුරින් බවය.
කෙසේ නමුත් ශබ්ද විකාශනයන්ට අවසර පත්‍රය ලබාදීමේදී පොලීසිය අතින් යම් අතපසුවීමක් සිදුවී දැයි සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

නියමෙට හෝදනවා. අසූචි ගාගන්නතත් හෝදන්නත් හරි දස්සයි .
ReplyDelete