කුඩු ඇල්ලීම සංදර්ශණයක්.. මාලිමාවේ නෙමෙයි මොකා වුණත් ලැජ්ජා වෙන්න ඕනෑ.. දැං මිනිස්සු මගෙ සිංදු අහන්නෙත් නෑ..- සංගීත්


ආණ්ඩුවේ කුඩු ඇල්ලීමේ මෙහෙයුම සංදර්ශනයක් පමණක් බව ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවන සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

"අනුර කළුයි මිටියි ගමේ එකා කියද්දි මට හිතුණා අනුර ගේමක් ගහයි කියලා. මට අනුරගෙන් පෞද්ගලිකව ලැබුණු දෙයක් නෑ. අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා. තක්කඩි වැඩ කරන්න එපා හලෝ මිනිස්සුන්ට.

මේ ආණ්ඩුව දැන් කුඩු අල්ලනවා නෙ කිලෝ ගණන්. ඒවාට මොනවාද වෙන්නේ. සංදර්ශන විතරයි. මේ ආණ්ඩුව ඒක හදන්නේ නෑ. මට වෛරයක් නෑ. පපුව ඇතුළේ සාමාන්‍ය වෛරයක් තියෙනවා. මාලිමාවේ එකෙක් එහෙම කරනවා නම් ඒක වැරදියි. මාලිමාව වැරදි නම් කතා කරන්න එපා කියලා ද කියන්නේ. උඹලත් එහෙම කරනවා නම් උඹලා ලැජ්ජා වෙන්න ඕන. මාලිමාවේ නෙමෙයි මොකා වුණත්."

1 Comments

  1. Dan ithin kade giya thopita Dan thamayi therenne...lapa kotaage team eka gahana game eka...

    ReplyDelete
Previous Post Next Post