ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට... සිව් දෙනෙකුට බරපතලයි...


එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී (21) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහල වෙත සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහල වෙත (21) දින ඇතුලත් කල බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය.

මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ මාර්තුවෙල එරමුල්ල මන්දාරම්නුවර වත්කුඹුරේ ගෙදර කල්‍යාණි ජයසුන්දර නැමති 45 හැවිරිදි කාන්තාවකි.

ඥාතීන් පිරිස එරමුල්ල ප්‍රදේශයේ සිට මහනුවර දළදා මාලිගාවේ (21) අලුයම පැවති පූජාවකට සහභාගි වී ආපසු නිවස කර පැමිණෙමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රිකිල්ලගස්කඩ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට එම මාර්ගයේ කටුගස්හින්න හුළංවංගුව ප්‍රදේශයේදි මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

ත්‍රීරෝද රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හගුරන්කෙත පොලිසියේ රථවාහන  අංශයේ නිළධාරින් සැකකරයි.

පෞද්ගලික බස් රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

- රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post