සියඹලාණ්ඩුව කොටියාගල කැබිලිත්ත රක්ෂිතයේ අනවසරයෙන් වගා කටයුතු කරන ලද ගොවීන් හට නිසි පරිදි මැනුම් කර නීත්‍යානුකූල ඉඩම් පවරා දීමට කඩුනමින් කටයටුතු කරන ලෙස මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදී මොනරාගල දිසාපති ඒ.ජී නිශාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.මෙම රැස්වීම මොනරාගල දිස්ත්‍රික් පා.ම අජිත් ශාන්ත අගලකඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අජිත් අගලකඩ මහතා,කැබිලිත්ත රක්ෂිතයේ අනවසරයෙන් වගා කරන ගොවීන් සඳහා අක්කර පහ බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. එක් අයෙකුට ඉඩම් අක්කර පහ බැගින් ලබාදෙන අතර 2026 ජූනි 30 වෙනි දිනට ප්‍රථම සියලුම ගොවීන්ට ඉඩම් කට්ටි ලබාදිය යුතුයි.දැනට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් එම ප්‍රදේශ වල ගොවීන් 1,237 දෙනෙකු සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.නමුත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සංගණනය අනුව එලෙස සිටින්නේ ගොවීන් 446 දෙනකු පමණයි.මෙම තත්වය නිරාකරණය කර ගැනීමට දෙපාර්ශවයම එක්ව සත්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කරන්න.මෙම කාර්ය පහසු වන පරිදි එම ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරීන් යොදා ගනිමින් එයට සුවිශේෂීවූ යෙදවුමක් භාවිතා කරමින් ඉඩම් සිතියම් ගත කරමින් නිවැරදි ගොවියන් හඳුනා ගත යුතුයි.
ඒ සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ට පුහුණුවක් ලබාදිය යුතු අතර ග්‍රාම නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් ඉඩම් මැන කට්ටිය කර ගොවීන්ට භාරදීමට කටයුතු කරන්න.මෙම ගැටළුව වර්ෂ කිහිපයක සිට දිගින් දිගටම ඇදී යනවා.ලබන වසරේ ජූනි 30 වෙනි දිනට පෙර සියලුම ගොවීන් හඳුනාගෙන ඔවුන්ට ඉඩම් කට්ටි ලබාදිය යුතයි.අලුතෙන් කිසිදු ගොවි පවුලක් ඊට ඇතුළත් නොකළ යුතුයි.
මෙම අවස්ථාව සඳහා මොනරාග අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.එම් විජේනායක,මිනින්දෝරු අධිකාරී එන්.පී නාගහවත්ත,සියඹලාණ්ඩුව වැඩබලන ප්‍රාදේශීය ලේකම් චතුර සමරසේකර,සහකාර දිසා වන නිලධාරී දිවාරත්න, ග්‍රාම නිලධාරීන් ඇතුළු එම ක්ෂේත්‍රයට අයත් නිලධාරීහු සහභාගී වූහ.
මොනරාගල සුමනසිරි ගුණතිලක
