මහින්දානන්දගේ කණ්ඩායමේ අයවැය සම්මතයි.. අනුමැතිය නැති බඩු අරන් ගාලගෝටියක්...


 නාවලපිටිය නගර සභාවේ 2026 වසර සදහා වූ අයවැය කෙටුම්පතඑම නගරසභාවේ (ස්වාධීන කණ්ඩායම් 01) සභාපති අමල් ප්‍රියංකර මහතා විසින් ඉදිරිපත් කල අතර, එම අයවැය කෙටුම්පත ඒකමතිකව සම්මත විය.

එම නගර සභාවේ අපේක්ෂිත ආදායම 751,544,900 (හැත්තෑපන්කෝටි පහළොස් ලක්ෂ හතලිස් හතර දහස් නවසීයයි) කි.

එහිදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබූ නාවලපිටිය නගර සභාවේ උප සභාපති කරුපන්නන් සුරේෂ්වරන් (ස්වාධින කණ්ඩායම් 02)මහතාට නගර සභාවේ කාර්යභාර කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය ලැප්ටොප් යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සභාව තුල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සභාව තුළ හට ගැණින.

එම යෝජනාව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කිරීමත් සමග නැගී සිටි ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන මහතා විමසා සිටියේ, මේ වන විට සභාවට පරිගණකයක් මිලදී ගැනීමක් සිදුකර තිබේද යන්න පිලිබදවයි.

එහිදී එම සභාවේ එම්. ජයසුන්දර ලේකම්තුමිය ප්‍රකාශ කර  සිටියේ, මේ වන විට මුදල් හා ප්‍රතිපාදන කමිටුවේ  නිර්දේශ මත පරිගණකයක් මිලදී ගෙන ඇති බවයි.

එහෙත් එම තීරණය පිළිබඳ මහ සභාව දැනුවත්ව නොතිබීම හා මුදල් කමිටුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නෝබට් පෙරේරා මහතා සිදුකළ විමසීමකදී ඒ සම්බන්ධව නිසි පිළිතුරක් ලබා නොදී මෙසේ ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීම පිළිබඳ සභාවේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය මතු විය.

නාවලපිටිය නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් සතු වන අතර සභාපති ඇතුළු සියලු මන්ත්‍රීවරුන් මෙසේ මහා සභාවට දැනුවත් නොකර ලක්ෂ 03කට වඩා වැඩි නගර සභාවේ මුදලක් වැය කරමින් ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීම් පිළිබඳ නගර සභා නිලධාරීන්ට සභාපතිවරයා සහ අණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් දැඩි අප්‍රසාදය සහ විරෝධය පල කරමින් කියා සිටියේ මේ පිලිබද වගකීම සභාපතිවරයාට හෝ නාගරික මන්ත්‍රිවරාන්ට භාර ගත නොහැකි බවයි.

 රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post