ඉංජීනේරු පීඨ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයකින් රෝහල් ගත කෙරේ...

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහරයකින් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසීය.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සදහා පැමිණි සිසුන් පිරිසක් තේ වත්තේ ක්ෂේත්‍ර චාරිකාවක නියැලි සිටියදී තේ වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී තමන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කල බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන් කියා සිටියේ.

එම පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රායෝගික වැඩමුළුවක් සදහා විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලබන සිසුන් රැසක් මේ දින වල නේවාසිකව නතර වී එම වැඩමුළුවට සහභාගි වන බවයි පැවසෙන්නේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

රංජිත් රාජපක්ෂ                

1 Comments

  1. යකෝ බමරුන්ට විරුද්දව පැමිණිල්ලක් දැම්මද?පිස්සු.මොනව හරි බමරුන්ට හිත රිදෙන දෙයක් කරන්න ඇති.

    ReplyDelete
Previous Post Next Post